පක්ෂය කැමති නම් එජාපය සමගි කර ජයග්‍රහණය කරා ගෙනයාමට සූදානම්
එක්සත් ජාතික පක්ෂය සමගි කර ජයග්‍රහණය දක්වා ගෙනයාමට පක්ෂය විසින් තමන්ට වගකීමක් ලබාදෙන්නේ නම්, කොන්දේසි කිහිපයක් යටතේ එය ඉටුකිරීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා පවසා ඇතැයි වාර්තා වේ.
භික්ෂූන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයන්, එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ හා තරුණ මන්ත්‍රීවරුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් හමු වූ අවස්ථාවේදී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
පක්ෂයට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ පූර්ණ බලය තමන්ට ලැබිය යුතු බව අවධාරණය කර ඇති ජයසූරිය මහතා ඒ සඳහා වර්තමාන නායකයාගේ හා නියෝජ්‍ය නායකයාගේ ආශිර්වාදයද, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියද, පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟත්වයද, පක්ෂ මහා සම්මේලනයකදී අනුමැතිය ලැබීම අත්‍යවශ්‍ය බවද ඒ මහතා සඳහන් කර ඇත.
එක්සත් ජාතික පෙරමුණේ සියලු කණ්ඩායම්වල පොදු ඉල්ලීමක් තිබේ නම්, යුතුකමක් වශයෙන් සිමීත කාලයකට ඊට මැදිහත් වීම ගැන සලකා බැලිය හැකි බවත්, එහෙත් කිසිදු අවස්ථාවකදී තමා පක්ෂයේ තනතුරු ඉල්ලා නොමැති බවත් හෙතෙම පවසා තිබේ.
එසේම ලක්ෂ ගණනක් පාක්ෂිකයන් හා පක්ෂය වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමට සූදානම් බවද කරු ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
popular news
-
samson de silva Tuesday, 17 December 2019 09:11 AM
ඉතා සතුටුයි. මේක තමයි යුගයේ අවශ්‍යතාවය. රනිල් නායකකමින් ඉවත්විය යුතුමයි. සජිත් නායක වෙන එකත් මෝඩකමක්. කරු ජයසුරිය මහතාට පමණයි පක්ෂයෙන් ඉවත්වුණු සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාශය දිනාගන්න පුළුවන්. තවත් කල් ගන්න එපා. වහාම මෙම වෙනස කොට මහා මැතිවරණයට සුදානම් වෙන්න.
Reply : 0 0
ranjith Tuesday, 17 December 2019 05:02 PM
එජාපෙ පරණ ලොක්කෝ ටික එන මෙතිවරණයේදී පොහොට්ටුවට තුනෙන් දෙකක් අරන් දෙන්න තමි එලගට සේරසෙන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

