ශ්‍රී ලන්කන් නව ගමනාන්ත 18කට මෙහෙයුම් ව්‍යාප්ත කරයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ නව සංකේත ගිවිසුමක් ඇති කර ගනිමින්, යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග නවතම ගමනාන්ත 18 ක් කරා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටවල් 56 ක ගමනාන්ත 127ක් දක්වා සිය ගුවන් ගමන් මෙහෙයුම් සේවා ව්‍යාප්ත කර තිබේ.
ෆින්ලන්තයේ හෙල්සින්කි, සර්බියාවේ බෙල්ග්‍රේඩ්, හංගේරියාවේ බුඩාපේස්ට් , සයිප්‍රසයේ ලාර්නාකා, පෝලන්තයේ වෝර්සෝ, මොරොක්කෝවේ කැසබ්ලැන්කා, පෘතුගාලයේ ලිස්බන්, ස්වීඩනයේ ගොතන්බර්ග්, බෙල්ජියමේ බ්‍රසල්ස්, ඉතාලියේ වැනීසිය, අසර්බයිජානයේ බාකු, යූක්‍රේනයේ කිව්, ජර්මනියේ මියුනිච්, චෙක් ජනරජයේ ප්රාග් , අයර්ලන්තයේ ඩබ්ලින්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සහ මලගා, එක්සත් රාජධානියේ එඩින්බරෝ සහ බර්මින්හැම්, ග්‍රීසියේ ඇතැන්ස් සහ තෙසලෝනිකි, තුර්කියේ අන්කාරා, ඉස්තාන්බුල් ( සබීහා ) , ඇන්ටාලියා සහ ඉස්මීර්, බ්‍රසීලයේ සාඕ පවුලෝ, කැනඩාවේ මොන්ට්‍රියල්, එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී., චිකාගෝ , හූස්ටන් සහ බොස්ටන් යන ගුවන් තොටුපළ වෙත මෙම නවතම ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරේ.
කටාර් ගුවන් සේවය , විශිෂ්ඨතම ගුවන් සේවා කර්මාන්තය වෙනුවෙන් පිදෙන " ස්කයි ට්‍රැක්ස් " සම්මානය පස් වතාවක් දිනා ගෙන ඇති ලොව එකම ගුවන් සේවය බවට පත් වී තිබේ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

