saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 9040 hours ago

LATEST

අනවසර ගිනිඅවි භාරදීමට සහන කාලයක්

calendar_today 2020 පෙබ 05 - 23:20 remove_red_eye - 305  

සියලුම අනවසර ගිනිඅවි සහ ලියාපදිංචි නොකල ගිනිඅවි ලඟම තිබෙන පොලිසියට භාරදීම සඳහා මේ මස 12 වන දින දක්වා සහන කාලයක් ක්‍රියාත්මක කරන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

සමථ මණ්ඩලවල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත් කළ යුතු බවත් ලැබෙන පැමිණිලි සංඛ්‍යාවෙන් සියයට 68 ක් සමථ මණ්ඩළ තුළින් විසඳීම විශිෂ්ට බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එම ආයතනය කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බැංකුවක ගිණුමකින් රුපියල් කෝටි 30ක මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.

Read More

නළයක්වත් එළාගත නොහැකි ආකාරයට මේ වන විට කොළඹ නගරය මහළු වී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ උදාගම්මාන වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් බිලියනයක පමණ මුදලක් වැයකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

පසුගිය ජනපතිවරණ සමයේදී එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේ සඳහන් කළ සහන මල්ල මාර්තු 01 දා ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්දර රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොළඹ නගරයේදී අද දිනයේදී උද්ඝෝෂණ කිහිපයක්ම පැවැතියේය. ජනපති ලේකම් කාර්යාලය ආසන්නයේ උද්ඝෝෂණ සඳහා වෙනමම ස්ථානයක් වෙන්කර තිබුණත් එම ස්ථානයට විරෝධතාකරුවන් එක්නොවූහ.

Read More

නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී පැවැත්වීය.

Read More

නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබේ

Read More

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණැගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් මේ වසරේ අගෝස්තු මාසයට පෙර අවසන් කරමින් වර්ෂ අවසානයට පෙර ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

චීනයේ වූහාන්වල සිට පැමිණ දියතලාව කඳවුර තුළ රඳවාගෙන සිටින ශිෂ්‍යයින් ඇතුළු පිරිස හොඳ සෞඛ්‍ය ත්ත්වයකින් පසුවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය කියා සිටී.

Read More

කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට අයත් පවුල් පනස් එක්දහස් එකසිය හැට දෙකක් පීඩාවට පත්ව තිබේ.

Read More

වෙළෙඳපළ තත්වය සළකාබලා ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ නගර කීපයක් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වාර සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටී.

Read More

රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කර තිබේ.

Read More

සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් පෙට්‍රල් ලීටරයක් රු. 137කට අලෙවි කළත් ඉන්දීය ඔයිල් සමාගම ලබාදෙන පෙට්‍රල් ලීටරයක් අලෙවි කිරීමට සිදුව තිබෙන්නේ රුපියල් 142ක මුදලකට බවද ලංකා ඉන්දීය ඔයිල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් වේහිත ජයසිංහ මහතා සඳහන් කළේය.

Read More

ගම්මාන 2562දී නිවාස ඒකක 65092ක් ඉදිකිරීමට යෝජිතව තිබුණත් ඉදිකර අවසන් කර ඇත්තේ නිවාස ඒකක 9604ක් බවත් ඔහු පැවැසීය.

Read More

පසුගිය රජය විසින් නොපියවූ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදමි පියවීම වෙනුවෙන් පිළිවෙළින් රුපියල් බිලියන 101ක හා රුපියල් බිලියන 55ක පරිපූරක ඇස්තමේන්තුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

සංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

Read More

කොළඹ ජනාධිපති කාර්යාලය අසළ විරෝධතා පවත්වන්නන් වෙනුවෙන් වෙනමම ස්ථානයක් වෙන්කර තිබේ.

Read More

සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කරයි.

Read More

මේ අවස්ථාවේදී චීනය අනවශය ලෙස අපහසුතාවට පත්කරලා කටයුතු කළ යුතුයැයි අප විශ්වාස කරන්නේ නෑ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පටිගත කළ බව කියන හඬපට මේ වන විට පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

Read More

වෝහාරික වාර්තාව මගින් සැබෑ හොරකම යට ගසා වෙනත් කාරණා පිළිබඳ සාකච්ඡා කර ප්‍රශ්නය වෙනතකට යැවීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10දා) තෙක් කල් තබා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

Read More

සාමාජිකයන් - අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේක, ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, රවුෆ් හකීම්, විජයදාස රාජපක්ෂ, හර්ෂද සිල්වා, අජිත් පී පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, සුනිල් හඳුන්නෙත්ති, මාවෙයි සේනාධිරාජා, ඩී.වී. චානක

Read More

ඔහු පවසන්නේ ජනපතිවරයාගේ කතාව ’අතිවිශිෂ්ඨ’ බවයි’. සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි. එම කථාව අනුව ඔහු වැඩ කළ යුතු බවත් ඔහු පවසයි

Read More

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස සමන් රත්නප්‍රිය මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

Read More

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටද ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.