saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9578 hours ago

LATEST

ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට රනිල් සකස් කළ ක්‍රමවේදයට රජය එකඟ වුණේ නෑ

calendar_today 2020 අප්‍රේ 16 - 18:15 remove_red_eye - 1325  

වයිරසය පැතිරෙන්නට පටන්ගත් මුල් කාලයේදීම මෙරට රෝහල්වල අත් ආවරණ ,මුහුණු ආවරණ , වෛද්‍යවරුන්ගේ ආරක්ෂිත ඇඳුම් කට්ටල, ආදිය ප්‍රමාණවත් පරිදි තිබේදැයි තමන් විසින් සොයා බැලු බවත් ඒවා කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවන බව එම සොයා බැලීමේදී අනාවරණය වූ බවද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

නියමිත අවශ්‍යතාව පරිදි මෙම ඇඳුම් කට්ටල මැසීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලදි.

Read More

මෙරට වෙසෙන සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 14ක් ඇතුළුව අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට අවශ්‍ය විදුලිබලය ලබා දීම සඳහා සූර්යබලයෙන් ක්‍රියාත්මක විදුලිබල උත්පාදන කට්ටල නොමිලයේ ලබා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (16) විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

(LONG READS)කොවිඩ් -19 වෛරසය ලෝකයට නව වෛරසයක් නමුත් එහි ප්‍රධාන වෛරස් කාණ්ඩය වන කොරෝනා වෛරසය හඳුනා ගැනීම පිළිබඳ අතීතය සොයා බලන විට ජූනි අල්මේදා යන නාමය හමුවෙයි

Read More

මේ වන විට රෝගින්ගෙන් 68 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත

Read More

කොළඹ දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමේ වැඩසටහන යටතේ රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වට්ටක්කා නොමිලයේ බෙදී හැරීමේ කටයුතු අද (16දා) ආරම්භ කළේය.

Read More

ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන MV Menkar නෞකාවේ සේවය කල ඉන්දියානු ජාතික නාවිකයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව ඊයේ ( 15 ) වන දින සිය සහාය ලබා දෙන ලදි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 11 දෙනෙකු අද (16) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට කිසිදු සහයක් නොදැක්වූ එජාප ජවිපෙ නිවුන් සොහොයුරන් මහ මැතිවරණය කල් දමා ගැනීමට මෙතරම් දගලන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මහමැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)දෙන උපදෙස් අකුරටම පිළිපැද කොරෝනා වලින් රට සම්පූර්ණයෙන්ම මුදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

පුත්තලම අල්කාසිම් නිවාස යෝජනා ක්‍රමයෙන් නිරෝධායනයට යවා තිබු නව හැවිරිදි දැරියක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් සමග අංගොඩ බෝවන රෝගායතනයට යැවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.

Read More

කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කිරීමත් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අදාලව වැඩපිළිවෙල දියත් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දි පැවැත්විනි.

Read More

පොළොන්නරුව මහ රෝහලෙන් කොරෝනා සැක සහිත රෝගියෙකු හමුවීමත් සමගම එහි වාට්‍ටු අංක 10 හදිසියේ වසා දැමීමට ඊයේ (15) රාත්‍රියේ රෝහල් බලධාරින් පියවර ගත් බව පොළොන්නරුව මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය හුදෙකලා ප්‍රදේශයක් බවට පත්කර ඇත.

Read More

“COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

Read More

දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා කපිතාන්වරයෙකු ලෙස කටයුතු කළ 99 හැවිරිදි වියේ පසුවන ටොම් මූර් නමැත්තෙකු කොරෝනා වෛරසයට එරෙහි සටනේ නිරත එරට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශය වෙනුවෙන් ස්ටර්ලිං පවුම් මිලියන 4ක අරමුදලක් එකතු කිරීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි.

Read More

මුලතිව් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී වළදමා තිබියදී සොයාගත් බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය අද (16) දිනයේදී අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුර පවසයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මේ වන විට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවට වාර්තා වේ.

Read More

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඒ-9 ප්‍රධාන මාර්ගයෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ඇතුලුවන සියලුම පුද්ගලයින් හා වාහන විෂබිජහරණය කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ සෞඛ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධානයක් විසින් පියවර ගෙන ඇත.

Read More

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටියක් ඊයේ ( 15) පුත්තලම, පොලිස් ස්ථානය වෙත ලබා දීම සිදු කරන ලදි.

Read More

දින නියමයක් නොමැතිව කල් දැමුණු මහ මැතිවරණය පවත්වන දිනය මෙතෙක් තීරණය කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් “අදට” පැවසීය .

Read More

කල්පිටිය තුර අඩිය ප්‍රදේශයේ තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇයගේ සැමියාද සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම, වාහන පරීක්ෂා කර කාර්මික සහතික නිකුත් කිරීම මේ වන ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මුළු රට තුළම ඇදිරිනීතිය ක්‍රියාත්මක කළත් මේවනවවිට කොවිඩි-19 රෝගියකු හෝ රෝගියෙක් ආශ්‍රය කළ පුද්ගලයකු හෝ නොමැති ප්‍රදේශ බොහොමයක් තිබෙනවා. එම ප්‍රදේශ ක්‍රමයෙන් විවෘත කිරීමට රජයේ අවධාය යොමුකරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

Read More

වසංගත රෝග තත්ත්වය පැතිරයාම හේතුවෙන් අසරණවී සිටින පවුල් වෙත රුපියල් 5000 , ගෙවීමේ වැඩසටහනෙන් ග්‍රාම නිලධාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බව එක්සත් ග්‍රාම නිලධාරී සංගමය හා සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කළේය.

Read More

ආසාදිතයන් හා මරණ අඩුවුණා කියා රට ඉක්මනින් යළි විවෘත වීමක් අදහස් වන්නේ නැති බව ජස්ටින් ටෘඩෝ පවසයි.

Read More

අප්‍රේල් 16දා සිට බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා පදනම් අංක 500කින් අඩු කිරීමට මහ බැංකුව පියවර ගනියි.

Read More

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කෙරෝනා වෛරසය ආසාදනයවූ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත් වූ කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 100 දෙනෙක් ඊයේ (15) ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

Read More

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

Read More

UN මහ ලේකම් මතුකළ කොවිඩ්-19 හමුවේ ලෝක බලවතුන් සටන් විරාමයකට පැමිණීමේ වැදගත්කම මැක්‍රෝන් සිහි කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.