saravita-anim2

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 9391 hours ago

LATEST

රියදුරු බලපත්‍ර ඇතුලු සේවා ලබා ගැනිමට දුරකථන අංක

calendar_today 2020 මැයි 27 - 20:10 remove_red_eye - 15762  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති දුරකථන අංක අමතා අවශ්‍ය සේවා ලබාගැනීමට දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,182 ඉක්මවා තිබේ.

Read More

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

Read More

යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික සෙබලුන් 52 දෙනෙකුට අද දිනයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

Read More

ජනතාව අතර ගෙවතු වගාව ප්‍රචලිත කිරිමේ අරමුණින් “ අස්වැද්දුම” නමින් නොමිලේ එළවළු බීජ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

Read More

හල්දුම්මුල්ල නීඩවුඩ් වතුයායේ පෞද්ගලික සමාගමක් මගින් ඉදිකෙරෙන ස්වාභාවික පිහිනුම් තටාකයකින් හල්දුම්මුල්ල නගරයට නායයාමේ අවදානමක් ඇති වන බවට සභා මන්ත්‍රී කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව එහි ඉදිකිරීම් අද ( 27) සිට තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කියයි .

Read More

ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තුව විදෙස් රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ක්‍රමානුකුලව ගෙන්වා ගන්නා බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

Read More

ඉදිරියේදී යලි ලංකාවට පැමිණෙන විදේශගත ශ්‍රමිකයින් කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇත්ද යන හේතුව මත ඔවුන්ට ප්‍රතිකාර කිරිම සඳහා තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල් ලෙස සුදානම් කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ විශාල අවදානමක් ඇති බව පවසන රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාන් කෝණාර මහතා ඇලපාත, රත්නපුර, කුරුවිට, බළන්ගොඩ සහ ඇඹිලිපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දැඩි අවදානම් බවද පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 26) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

පේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝගස් මන්සන්ධියේ පිහිටි මාර්ග බාධකයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා අද (27දා) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසයි.

Read More

මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් තවදුරටත් සලකා බැලීම අටවැනි දිනයට හෙට (28දා) පෙරවරු 10.00 දක්වා කල් තබා ඇත

Read More

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හා සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් තම කීර්ති නාමයට හානි කළ බවත් ඒ අනුව වන්දි ඉල්ලා නඩු ගොනුකරන බවත් සඳහන් කරමින් සංගිතවේදී ඉරාජ් වීරරත්න මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට එන්තරවාසියක් යොමුකර තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් එළැඹෙන 10 දා තෙක් බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ඒ අනුව සුවය ලැබූ සම්පූරණ සංඛ්‍යාව 732ක් දක්වා වර්ධනය වී තිබේ. එසේම තවත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 577ක් දක්වා අඩුවී තිබේ.

Read More

තාවකාලිකව වසා දැමුණු අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28දා) යළි විවෘත කිරීමට නියමිතය.

Read More

පසුගිය පැය 24 තුළ ඇතිවූ වර්ෂාපතනයත් සමගින් රත්නපුර, කෑගල්ල, මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක වෙත තවදුරටත් නාය යෑමේ අවධානනම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

Read More

කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ වගා කටයුතුවල නිරත ව සිටින ගොවි ජනතාව විසින් වගා කරන බෝගවර්ග වලින් ඉහළ ආදායමක් උපයා ගත නොහැකිව තිබෙන්නේ ඔවුන් භාවිත කරන කෘමිනාශක සඳහා අති විශාල මුදලක් වැය කිරීමට සිදු වී ඇති නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

Read More

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජයට ලබාදෙන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලු බදු වලින් නිදහස් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

සහල් හිගයක් රටේ නොමැති බවත් සහල් ඒකාධිකාරියක් ඇතිවීම නිසා ඇති වු තත්ත්වයක් රටේ නිර්මාණය වී ඇති බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

අවසන් වරට දකුණු කොරියාවේ දෛනික සිද්ධි සංඛ්‍යාවේ යම් ඉහළ අගයක් පෙන්වා තිබුණේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය.

Read More

1 සහ 2 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවද, නිවසේ සිට ක්‍රියාකාරකම් පාදකව අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාමට ඉඩප්‍රස්ථා සලස්වමින් ඔස්ට්‍රේලියානු රජය සහ Unicef Sri Lanka, Save the Children, Room to Read, Child Fund Sri Lanka යන ආයතන, අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතන සමග එක්ව ඉගෙනුම් ද්‍රව්‍ය පැකේජයක් හඳුන්වා දී තිබේ.

Read More

කොරෝනා හේතුවෙන් මාස 2යි දවස් 7 ක් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා මහනුවර දුම්රිය ධාවනය අද (27දා) උදේ ආරම්භ විය.

Read More

නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා රට තුළ ක්‍රියාත්මක වූ සියලු ආකාරය කොරෝනා වෛරස සීමා කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව කටයුතු කර ඇත.

Read More

ඉතාලියෙ ඊයේ (26) දිනයේදි කොවිඩ් ආසාදිතයන් හදුනාගැනිමේ පරික්ෂණ 57,674 ක් සිදු කර නව ආසාදිතයන් 397 ක් සොයාගත හැකිවු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

වීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවනවිට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවත් සිවු දෙනෙක් මියගොස් ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.

Read More

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති එස්.සත්‍යවේල් මහතා පැවසිය.

Read More

යුරෝපයේ දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානය සනිටුහන් කළ 75 වැනි සංවත්සර ප්‍රධාන සැමරුමක් ලෙස මෙවර විජයග්‍රාහී දින පෙළපාළිය පැවැත්වීමට නියමිත විය.

Read More

ඊයේ (26) අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් යාමට පැමිණි මගීන් පිරිසක් විසින් කළහකාරි ලෙස හැසිරීම හා එමගින් උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරුණු විමසීය.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ (විශේෂයෙන්ම දකුණ , බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත් වල) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී.200 වෙඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.