රුසියානු විජයග්‍රාහී පෙළපාලිය ජුනි අවසානය තෙක් කල් යයි
කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමූ රුසියාවේ වාර්ෂික විජයග්‍රාහී දින හමුදා පෙළපාළිය ජුනි 24 වැනි දින පැවැත්වීමට නියමිත බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අඟහරුවාදා රූපවාහිනී වීඩියෝ සම්මන්ත්‍රණයකින් නිවේදනය කළේය.
යුරෝපයේ දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානය සනිටුහක් කළ 75 වැනි සංවත්සරය සැමරීමේ ප්‍රධාන සැමරුමක් ලෙස විජයග්‍රාහී දින පෙළපාළිය මැයි 9 වැනි දින පැවැත්වීමට නියමිතව තිබුණි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ චීන ජනාධිපති ෂී ජින්පිං වැනි විදේශීය නායකයන්ගේ සහභාගීත්වය මෙවර ක්රේම්ලීනය සැලසුම් කර තිබුණි.
කෙසේ වෙතත් රුසියාවේ කොරෝනා වෛරසය පැතිරීම නරක අතට ඇදීයාමත් සමග මැයි මස පැවැත්වීමට තිබූ පෙළපාලිය අවලංගු කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය.
එක්සත් ජනපදයට සහ බ්‍රසීලයට පසුව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව ඇති රුසියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 362,342ක් වන අතර, එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 3,807කි. කෙසේ වෙතත් රුසියාවේ වෛරස ආසාදිතයන්ගෙන් 131,129ක් සුවය ලබා තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

