ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් විදෙස් රටවල සිටින සියලුදෙනා ක්‍රමානුකූලව ගෙන්වා ගන්නවා
ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තුව විදෙස් රටවල සිටින සියලු ශ්‍රී ලාංකිකයින් ක්‍රමානුකුලව ගෙන්වා ගන්නා බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කීය.
මහනුවර හන්තානේ පිහිටි තේ කෞතුකාගාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
විදෙස් රටවල සිට මේ වන විටත් 5500 කට වැඩි පිරිසක් රජය ගෙන්වා ගෙන තිබෙනවා. තවත් 40,000කට ආසන්න පිරිසක් පැමිණෙන්න බලාපොරොත්තුව ඉන්නවා. මේ කාරණයේදී කරුණු කිහිපයක් බලපානවා. එකක් තමයි ගුවන් ගමන් තවමත් නිසි ලෙස සකස් වෙලා නෑ. ඒ නිසා ශ්‍රී ලංකා එයාලයින් සමාගම විසින් විවිධ රටවල්වල සිටින පුද්ගලයින් ලංකාවට රැගෙන ආවා. එහිදී ප්‍රමුඛත්වය ලබා දුන්නේ විදෙස්ගතව සිටින ශිෂ්‍යයින්ට. දැනට ශ්‍රමිකයින්ට ප්‍රමුඛත්වය ලබා දීල තියෙනවා. නමුත් පිටරට සිටින අයත් සමඟ විශාල රෝගීන් ප්‍රමාණයක් පැමිණිමත් සමඟ ඒ වැඩසටහන යම් මට්ටමකට අකර්මන්‍ය වෙලා තියෙනවා.
ආසාදිත පුද්ගලයින් ලංකාවට පැමිණීමේ ප්‍රවණතාවයත් එක්ක යම් පමණකට ඒ වැඩකටයුතු මන්දගාමි වෙලා තියෙනවා . ඒ වගේම නිරෝධායනය සඳහා විශාල පරිශ්‍ර සහ විශාල ප්‍රදේශ අවශ්‍ය වෙලා තියෙනවා .දින 14 ක නිරෝධායනය අනිවාර්ය නිසා ක්රමාණුකූලව තමයි ඒක කරන්න වෙන්නේ. එසේ වුවත් මවුබිමට එන්න බලාපොරොත්තු වන සෑම ශ්‍රී ලාංකිකයෙකුම ක්‍රමාණුකුලව ගෙන්වා ගන්න අපි බලාපොරොත්තු වෙනවා.
මාලදිවයින සහ ෂිසෙල්ස් රාජ්‍යයන්වල සිට මීට පෙරත් ප්‍රතිකාර ලබා ගන්න පැමිණිලා තියෙනවා. සෞඛ්‍ය අවදානම හේතුවෙන් ඒ රටවල්වලදී ඒ ජිවිත බේරා ගන්න බැරි නිසා තමයි ඒ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒක මානුෂික පදනම මත කළ කටයුත්තක් යැයිද පැවසීය
මහනුවර - මොහොමඩ් ආසික්

popular news
-
Palitha Wednesday, 27 May 2020 08:45 PM
මද පෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂික අයතීන් කුනුබක්කියේ. මෙහෙ අපේ මිනිසුන් මැරෙද්දි, ලෙඩ වෙද්දී, ශීශේල් සහ මලදිවෛන පුරවැසියන්ට බෙහෙත් කරනවා. එක්සත් අරාබි එමීර් රජයෙන් ගෙනිච්ච ලාංකිකයෝ කුමන පදනමක් මත තෙරුවද? රජයක් වශයෙන් මද පෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයන්ට සැලැස්මක්, කලපරසයක් කිව යුථුඉ. වයසක, අසනීප සහ රැකියා අහිමි ශ්‍රී ලාංකිකයන් මෙහි එමටි. අහර , බෙහෙත්, ඉදුන් හිටුන් නැති බව ඉවසිය නොහැක. ශ්‍රී ලංකා ඉතිහාසයේ තම ප්රුවසියන්ට මෙවැනි අවැඩක් කල එකම රජය මෙම රජයඉ. මෙහි සිට ලංකාවට ගොස් ගොටබය මහතාට චන්දය් දුන් මට ලජයි. තවත් විශේෂ ගිණුමකට විදේශ විනිමය යවන්න කියා ඉල්ලනවා. සන්ච්රකින් චොවිඩ් -19 නොගෙනන බවට ඇති විශ්වාසය කුමක්ද?
Reply : 0 0
Biter truth Thursday, 28 May 2020 03:45 PM
Hukas.. kuliyata kebara kelinawa. Corona rogeen sahena dawasakin hamu nowu seicels walata wada dinapatha rogeen hamueana Lankaeata prathikara ganeematalu erata purawasiyan 35 genawe. Ehe enna inna Lankawe minissu genneth nathiwa. Gale reela dan wahaganna dagalanawa guu hathpole gagena.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

