වැඩබලන විගණකාධිපතිගේ කාලය දීර්ඝ කිරීමේ ජනපතිගේ යෝජනාවට අනුමැතිය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22දා) නැවත විගණකාධිපති ධුරය සඳහා යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති අතර, ඊට එම සභාවේ අනුමතිය හිමිව තිබේ.
ඒ අනුව වර්තමානයේ වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාට තවත් මාස 06ක කාලයක් එම ධුරයේ වැඩ බැලීමට වන යෝජනාව ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබේ.
ව්‍යවස්ථා සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර, ඊට ව්‍යවස්ථා සභාව නියෝජනය කරනු ලබන සියලු සාමාජිකයන් සහභාගි වී ඇත.
මීට පෙර ජනාධිපතිවරයා විසින් එච්.ටී.පී චන්දන මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කළ අතර, එය පෙරේදා(21දා) සලකා බැලීමෙන් අනතුරව වැඩි ඡන්දයෙන් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කෙරිණ.එහිදී යෝජනාවට පක්ෂය ඡන්ද 3ක් සහ විපක්ෂව ඡන්ද 05ක් ලැබිණ.
popular news
-
Dayan Friday, 23 May 2025 10:43 AM
We are not happy about the actions of this government. They do very little work but that little work is also herting us. Since no alternative keeping quiet.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

