නාවික හමුදාව තුළ අද (07දා) දිනය වන විට කොවිඩ් - 19 වෛරසය ආසාදිත රණවිරුවන් සංඛ්‍යාව 366 ක් බව කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මැදිරිය පවසයි.
කොවිඩ් - 19 ආසාධිතයන් ලෙස හඳුනාගත් පුද්ගලයින් සමීපව ඇසුරු කළ මෝදර, රාජගිරිය හා කොලොන්නාව යන ප්‍රදේශයන් වෙතින් පුද්ගලයින් 72 දෙනෙකු ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත නීරෝධායනය සඳහා රැගෙන යන ලදී.
Read Moreවෙසක් පොහෝ දිනට සමගාමී ව කෑගල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ අද (07දා) උදෑසන නිදහස් කරනු ලැබීය.
Read More2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ සමගි ජනබලවේගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් කෝවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියි.
Read Moreජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මැයි මස වැටුපෙන් මුදලක් කොවිඩ් – 19 වසංගතය පාලනයට පරිත්‍යාග කරන ලෙස රජයේ සේවකයන්ගෙන් කරන ලද ඉල්ලීම හුදෙක්ම රාජ්‍ය සේවකයා මත එල්ල කරන ලද බලහත්කාරකමක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර යවා ඇත .
Read Moreවැලිසර නාවික හමුදා කඳවුරේ දි කොරෝනා වෛරසය ආසාදනය වු පොද්දල නරාවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමග සමිප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පි. සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබාගත් බවත් අද (07) දින නිකුත්වු එම පරික්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා පවසයි.
Read Moreබේරුවල ධීවර වරාය තුළ නැංගුරම්ලා තිබෙන බහුදින යාත්‍රා සීයකට ආසන්න ප්‍රමාණයක් සහ ධීවර වරාය පරිශ්‍රය මුළුමනින්ම අද (07) විෂබීජහරණය කිරීම කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදු කළහ.
Read Moreවෙසක් පුර පසළොස්වක පොහෝය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ ගාල්ල හා බුස්ස යන බන්ධනාගාරවල රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටි පිරිමි සිරකරුවන් 12 දෙනෙකු අද (07) නිදහස ලැබුහ.
Read Moreඩුබායි සිට අද (07) දින උදෑසන ශ්‍රී ලංකන් මගී ගුවන් යානයක් මගින් පැමිණි සිසුන් සහ රාජ්‍ය සේවකයන් ඇතුළුව පුද්ගලයින් 197 දෙනෙකු නීරෝධායන කටයුතු සඳහා ත්‍රවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර බව යුද හමුදා මාධ්‍ය අංශය සදහන් කරයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ ( 06) දින වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වූ වූ මුහුදු තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නොගැඹූරු මුහුදේ ඉදිකල අට්ටාලයක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ කිමිදුම් උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
Read Moreවෙසක්පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් අතරින් යාපනය බන්ධනාගාරයේ සිටි පස් දෙනෙකුද අද (07) දින නිදහස් කිරීමට යාපනය බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණි.
Read Moreමෙරට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු දේශපාලන භේදයකින් තොරව කොරෝනා වසංගතය පාලනයට උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටියදී විපක්ෂය, ලොව කිසිදු විපක්ෂයකින් බලාපොරොත්තු විය නොහැකි කුඩුකේඩු - ආත්මාර්ථකාමී හැසිරීමක් පෙන්නුම් කරන බව ජානිපෙ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
Read Moreවෙසක් පොහොය නිමිත්තෙන් මාතලේ නගරයේ වෙසක් සැරසිලි සිදු නොකිරිම සම්බන්ධයෙන් මාතලේ මහ නගර සභාවේ අදාළ නිලධාරින්ට එරෙහිව වහාම පරික්ෂණයක් සිදු කරන ලෙස නියෝග කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා අද (07දා) පැවසිය.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා වාර්තාකරන සේවක සේවිකාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම් සිදු කරනු ලබන්නේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅද(07) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreනුගේගොඩ ප්‍රදේශයේ සිර වී සිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් විසි එක් දෙනෙකු තම නිවෙස් කරා යොමු කිරීමට කටයුතු කර තිබේ.
Read Moreවයික්කාල ඩොල්ෆින් ක්ලබ් හෝටලය පූර්ණ COVID-19 නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර සති පහක කාලයක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව ඩොල්පින් හෝටලය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල තවත් නාවික පුද්ගලයින් 08 දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 06) වන දින එම රෝහල් වලින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreසෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබන 11 වැනිදා කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන විවෘත කිරීම සඳහා පියවර ගෙන ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා සඳහන් කළේය.
Read Moreඉදිරි දින කිහිපය තුළ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේය.
Read Moreඑම්.සී.සී. සභාපති ලෙස පත්වූ කුමාර් සංගක්කාර මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට එම ක්‍රිකට් පාලනාධිකාරිය කටයුුතු කර තිබේ.
Read MoreCOVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා පාර්ශවයේ හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින්, කොරොන වයිරස් න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ කට්ටල 30,000 ක් (PCR-Fluorescence Probing) සහ ඉවත දැමිය හැකි පුද්ගලික ආවරණ (PPEs) 15,000 ක් රැගත් චීන විශේෂ ගුවන් යානයක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreවෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreකෝවිඩ් 19 ආසදනය වු මාතලේ යටවත්ත සැලගම ප්‍රදේශයේ නාවික හමුදා සෙබළාගේ මවට සහ පියාට කොරොනා වයිරසය අසාදනය වි ඇති බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වි ඇති බව යටවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එල්.ඩබ්.සි එන් රණවිර මහතා අද (07දා) පැවසිය.
Read Moreකොවිඩ් 19 රෝගියෙක් හමුවීම නිසා හුදෙකලා කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අභයපුර හා ලංකාපුර යන ගම්මාන යළි විවෘත කර තිබේ.
Read Moreපසුගිය මැයි 4 දා ලිහිල් කෙරුණු ඉතාලියේ ලොක්ඩවුන් තත්ත්වය යටතේ ආපනශාලා කෝපි හල් වගෙම මත්පැන් හල් විවෘත කෙරුණද පාරිභෝගිකයන්ට එම ස්ථානයන්හි සිට ආහාර ගැනිමට මත්පැන් භාවිතය මෙන්ම කෝපි පානය කිරිමද නව තත්ත්වය යටතේ තහනම් කර ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreජලභිතිකා රෝගයෙන් පසුගිය වසරේ සහ මේ වසරේ ගෙවුණු මාස කිපිහය තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රත්නපුර සහ කුරුණෑගල දිස්ත‍්‍රික් දෙකේ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා ඊයේ (06දා) ගොඩකවෙලදී පැවසුවේය.
Read More