පොහොට්ටුවේ පාට ඇඳගෙන, පින්තූර අරන් ආපු පළියට රැවටෙන්න එපා - අමාත්‍ය ප්‍රසන්න රණතුංග
අනීෂා මානගේ
පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන හැමෝම පොහොට්ටුවෙ නෙවෙයි. මේ දවස්වල පොහොට්ටුවේ පාට ඇඳගෙන මහින්ද මහත්තයාගේ, ගෝඨාභය මහත්තයාගේ පින්තූරය ගහගෙන ආපු පලියට රැවටෙන්න එපා යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද බෙලිඅත්තේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
ප්‍රසන්න රණතුංග,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්ෂ යුගයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දියවෙලා ඉවරයි. ආයෙත් ගොඩගන්න හම්බවෙන්නේ නැහැ.
අද පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් පසුබිමක් හදාගන්න. මැතිවරණයේ සන්ධාන කොන්දේසි නැහැ ඇමතිකම් දෙනව කියලා. සමහර අය උත්සාහ කරනවා ඊළඟ ආණ්ඩුවෙත් ඇමතිකම අපේ කියලා. මෛත්‍රීට ගෑවිච්ච කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න එපා. මං ඒක පොළොන්නරුවෙ ගියත් කියනවා. අපි අවුරුදු හතරහමාරක් දුක් වින්ඳා. ආයෙ දුක් විඳින්න බැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සහ පවුලේ අය වැඩ කළේ සජිත් ප්‍රේමදාසව දිනවන්නයි.
පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන හැමෝම පොහොට්ටුවෙ නෙවෙයි. මේ දවස්වල පොහොට්ටුවේ පාට ඇඳගෙන මහින්ද මහත්තයාගේ ගෝඨාභය මහත්තයාගේ පින්තූරය ගහගෙන ආපු පලියට රැවටෙන්න එපා. අපිට ඕන ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරගන්න පුළුවන් කණ්ඩායමක් පත්කරගන්නයි. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ සතපහකට විශ්වාස කරන්න බැරි මිනිහෙක්. එයාට කණ්ඩායමක් පත් කරගන්න ඉඩ දෙන්න බැහැ. සන්ධානයක් ගැහුවාට මෙච්චර ඇමතිකමක් දෙනවා කියලා නැහැ යැයිද කීවේය.

popular news
-
Champa Friday, 03 July 2020 08:31 PM
සමීිපූරණයෙන්ම එකගයි මෙීි කතාවට. සිරිසේනව පාර්ලිමෙින්තු එවන්න පොලොන්නරැවෙ ජනතාවට ලොකු මොලේ අමාරැවක් තියෙන්න ඔිනේ. පාස්කු ප්‍රහාරය තනිකරම සැලසුමීි කල මිනීමැරැමක්. සිරිසේන ඒ බව හොදින්ම දැන හිටිය. උදේ දහයට දැන ගත්තා කිවීිවා නමුත් ලංකාවට ආවෙ ඹක්කොම බෝමීිබ පිපිරෙනකමීි ඉදලා පහුවෙනිදට එලිිිිිිිවෙන්න. දැන් කොමිසමෙීි සාක්කිත් වෙනස් කරවලා. පැහැදිලිවම සිරිසේන රාජපක්ෂවරැන්ව බීිලැක්මෙීිල් කරනවා. 2015 ඉදන් රටෙීි ඇතිකල මහා සමාජ විනාශයට වගකියන්න ඔීන සිරිසේනට, හිරේ ඉන්න ඔීන සිරිසේනට, රටම සාප කරන සිරිසේනට, උත්තරීතර පාර්ලිමෙීින්තුව පලාතට එන්න දෙන්න හොද නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
