මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබේ.
මෙම ප්රකාශය ලබාගැනීම සඳහා අද (03දා) දින වෙන්කර තිබූ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් රනිල් වික්රමසිංහ මහතාගේ නිවස වෙත පැමිණ ප්රකාශ සටහන් කරගැනීමට කටයුතු කරමින් තිබුණි.