අගමැති සමඟ සාකච්ඡාවෙන් පසු කොළඹ වරායේ වෘත්තීය සමිති වර්ජනය අවසන්
අනීෂා මානගේ
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගත් බව වෘත්තීය සමිති එකමුතුව කියයි.
චීනයෙන් ගෙන් වු ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති 23කට අයත් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ උද්ඝෝෂණයක් ඇරඹූහ.
මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ වරාය අධිකාරියේ වෘත්තීය සමිති 23කට අයත් සේවකයන් පිරිසක් අද තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ සිටියහ.
මෙම දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බවද මේ හේතුවෙන් තම සටන අවසන් කිරීමට තීරණය කළ බවද තමන් ජයග්‍රහණය කළ බව වාණිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතශීලි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
