ලොවපුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට , මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ස
හම්බන්තොට මහ රෝහල තුල ස්ථාපිත කරන ලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ covid 19 අසාදනයවී සිටි සියලු රෝගීන් සුවවී අද (01) දින රෝහලින් පිටව යන ලදී.
Read Moreවිදුලිය නීතිවිරෝධීව ලබා ගන්නා පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනිම සඳහා සිදු කරන වැටලීම් වැඩි කරන්නැයි විදුලි බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබිණි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද (1)දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ වි ඇත.
Read More’’එය ඔබේ නිදහස යටපත් කිරීමක් නොවෙයි. එය සැබවින්ම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ඵලදායී මාර්ගයක්. එය ඔබගේ පහසුව සහ නිදහස ඔබට ළඟාකර දෙනු ඇති. කරුණාකර මුඛ ආවරණයක් පලඳින්න.’’
Read More[LONG READ] ’කසළ’ ලෝකයේ බොහෝ රටවලට සම්පතකි. කසළ ප්‍රතිචක්‍රීකරණය මගින් ඔවුහු මුදල් උපයති. පාරිසරිකව සහ සමාජයීය වශයෙන් ඇතිවිය හැකි අවදානම සීමා කරයි. එහෙත් අප රටෙහි කටයුතු පවතිනුයේ ඊට හාත්පසින්ම වෙනස් පසුබිමකය. මෙරට කසළ සමහර අතරමැදියන්ගේ අතමිට සරුකරන විට දුෂ්කර නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ජීවිත අවුල් වියවුල් කොට ඇත.
Read Moreබ්‍රසීල ජාතිකයන් වැඩි පිරිසක් නිවසේ රැඳී සිටීමේ නියෝග කඩන බව හෙළිවන අතර, ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,280ක් සහ ආසාදිතයන් 33,846ක් වාර්තා වී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සතුරුකම් නතර කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටීම යෝජනාවේ අරමුණ වී තිබේ.
Read Moreඇමෙරිකාවෙන් දෛනිකව ආසාදිතයන් 40,000ක් ඉක්මවන අතර, ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් 20,000ක් ඉක්මවයි.
Read More’’ජනතාව මේ සම්බන්ධයෙන් නොසැලකිලිමත් වෙමින් සිටින ආකාරය දකින්න පුළුවන්. නීති උල්ලංඝනය කරන්නන් අප වැළැක්විය යුතුයි.’’ අගමැතිවරයා අවධාරණය කරයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවන්නේ රටවල්, ප්‍රාන්ත සහ නගරවල කොරෝනා සීමා ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමට යෑමෙන් නව කොරෝනා ආසාදිතයන් පිරී ඉතිරී යා හැකි බවයි.
Read Moreඑක්සත් ජනපදයේ ඉහළ බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසි පවසන්නේ දැනටමත් දිනකට ආසාදිතයන් 40,000ක් වාර්තා වන බවයි.
Read Moreඇයට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබූ අතර කොරෝනා වෛරසය සඳහා සෘණාත්මක ලෙස පරීක්‍ෂා කළ නමුත් නිවසේදී නිරෝධායනය වීමට ඉල්ලා තිබුණි.
Read More2005 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට රුපියල් මිලියන 200ක මුදලක් ලබාදී උතුරු නැගෙනහිර ජනතා පරමාධිපත්‍ය බලය පවා උදුරාගත් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද වන විට කරුණා අම්මාන සුපිරිසිදු චරිතයක් බවට පත් කිරීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය මහ ලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
Read Moreදේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධන සඳහා චිත්‍රපට යොදා ගැනීම වළක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙත දැනුම් දී ඇත.
Read Moreකොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට රැගෙන ආ දොඹකර ගොඩබෑම ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ හාරසිය අසූවකට ආසන්න මුදලක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.
Read Moreඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read More2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත අනුව ස්ථාපිත විශේෂ පොලිස් විමර්ශන ඒකකය එවකට තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන් ඊයේ (30දා) ප්‍රශ්න කළේය.
Read Moreඅද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ කිහිපයක් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිදුකරනු ලැබීය
Read Moreලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) තීරණය කළේය.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreඅද (30) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreඅරන්තලාවේදී භික්‍ෂු වහන්සේලා 31 නමක් ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමට සම්බන්ධවී දැනට ජීවතුන් අතර සිටින ත‍්‍රස්තවාදීන්ට එරෙහිව වහාම පරීක්‍ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් එම භික්‍ෂු වහන්සේලා අතර සිට දිවි ගලවාගත් භික්‍ෂු වහන්සේ නමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.
Read Moreකුවේට්හි සල්වා ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයෙක් විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදන ස්ථානයක් එරට ආරක්ෂක අංශ වටලා තිබේ.
Read Moreකොන්ක‍්‍රීට් කළ අතුරු මාර්ගයකට අදාළ වියදම් ඇස්තමෙන්තුව සකස් කරදීම සඳහා කොන්ත‍්‍රාත්කරුවකුගෙන් රුපියල් 8000/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවු යක්කලමුල්ල ප‍්‍රාදේශිය සභාවේ හිටපු තාක්‍ෂණික නිලධාරියාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
Read Moreසහසිකයින් පිරිසක් අතින් ඝාතනයවුණු ඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති විනයාචාර්‍ය යටියන බුද්ධානන්ද හිමියන්ගේ අවසන් කටයුතු අනිද්දා (2 ) පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව සඳහන් කරයි.
Read Moreපොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පොලිස් සුබ සාධන කොට්ඨාසය වෙත මාරු කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂාවීමට හොඳම තැන ඡන්ද මධ්‍යස්ථානය බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read More