ආනවිළුන්දාව ඩෝසර් කිරිමට සම්බන්ධ දේශපාලන සහෝදරයා අත්අඩංගුවට ගන්න මෙහෙයුම්
ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබල දිමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි.
මේ වන විට බන්ධනාගාර ගත කර සිටින මෙම රැම්සා තෙත් බිම ඩෝසර් කිරිමට සම්බන්ධ ව්‍යාපාරිකයා විසින් පොලිසියට කර ඇති පාපොච්චාරණය අනුව අදාල සිද්ධියට ආධාර අනුබල දිමේ චෝදනාවට මෙම ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව කියයි.
ආනවිළුන්දාව රැම්සා තෙත්බිමට අයත් පිංකට්ටිය කාසන්තිව් ප්‍රදේශයේ බිමක් පසුගිය 25 දින රාත්‍රියේ හා පසුදින පැය 10 කට ආසන්න කාලයක් ඩෝසර් යන්ත්‍රයක් යොදාගනිමින් ඉස්සන් ටැංකි සකසා තිබු බව කියයි.
අදාල සිද්ධියට මේ වනවිට ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු හා පොකුණු ඉස්සන් වගාවන් සිදුකරන ව්‍යාපාරිකයකු බන්ධනාගාර ගත කර සිටි.
එම ඩෝසර් කිරිමට මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමට නියමිත ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා ප්‍රදේශයෙන් නොමැති බව අදාල සැකකරුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායම් පවසයි.
කෙසේ වෙතත් මෙම සැකකරු සොයා පොලිස් බුද්ධි අංශ ඇතුළු බුද්ධි අංශ ගණනාවක් විමර්ශන අරඹා ඇති බව කියයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියේ අදාල සැකකරු ඉදිරි දින කිහිපය තුළ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි.

popular news
-
sg Sunday, 30 August 2020 11:48 PM
me sellama methaninma natahra viya yuthuya,....mohu wahama arrest kala yuthuya...
Reply : 0 1
Batangala Monday, 31 August 2020 06:31 AM
chanda kaale helmat nathuwa giyata athadanguwata gaththe nathi nisaada meya deshapaalana prabalayet wune? Maadya waartha karana widiyenma me minissu nikam prabalayo karanawa....namuth janathaawata thawath deshapaalanayata pamini kenek witharayi. Ehema waartha karana eka waradyi. Eya deshapaalana prabalayek wenne kohomada nikanma?
Reply : 0 0
K Ranaweera Monday, 31 August 2020 12:25 PM
He is hiding in temple trees.l
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

