මහනුවර සිදු කම්පනය හේතු තුනක් නිසා සිදුවිය හැකි බව පරීක්ෂණ කණ්ඩායම කියයි
දිගන තලාතුඔය ආදී ප්‍රදේශවලට ඉකුත් සෙනසුරාදා(29) දැනුනු සුළු භූ කම්පන තත්ත්වය හේතු තුනක්නිසා සිදුවිය හැකි බවඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට එහි ගොස් සිටින පරීක්ෂක කණ්ඩායම කියයි .
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය භූ විද්‍යා අංශයේ ජේෂ්ඨ අධ්යක්ෂ උදය ද සිල්වා මහතා සඳහන් කළේ ගල් කොරියක බෝර දැමීම කදී ඇතිවූ කම්පන තත්ත්වයක් ඊට හේතු විය හැකි බවට සැක කරන බව ය .එසේත් නොමැති නම් නොමැතිනම් හුණු ගල් ස්ථර කඩාවැටීමක් ද ඒ සඳහා හේතු විය හැකි බවද පැවසෙයි . අදාල කම්පනය සිදුවීමට බලපෑ හැකි තුන්වන කරුණු ලෙස එම කමිටුව සැක පළ කරන්නේ වික්ටෝරිය ඇතුළු ආසන්න ප්‍රදේශවල සිදු වූ අධි ජන තෙරපුමක් විය හැකි බවයි .
සුනාමි අනතුරු ඇඟවීමේ මධ්යදස්ථානයේ භූ විද්‍යා අංශ භාරනිල්මිණි තල්දෙන මහත්මියගැන සමන්විතපරීක්ෂණ කණ්ඩායමක් ඊයේ (30) අදාළ ප්රභදේශවල සංචාරය කරමින් නිරීක්ෂණයක නිරත වූ අතරඑම කම්පනය නිශ්චිත වශයෙන්තහවුරු කරගැනීම සඳහාභූ විද්යාපඥයින් කණ්ඩායමක්දිගින් දිගටම පරීක්ෂණ සිදු කරමින් සිටියි .
ෂේන් සෙනෙවිරත්න

popular news
-
Champa Sunday, 30 August 2020 07:41 PM
ඔය තුනම වෙන්න බැහැනේ. (1). රෑ අට හමාරට ගල් කොරි වල බෝර දානවද? (2). මහ පොලොව දෙදරන්න තරම්, ජනෙල් දොරවල් හෙලවෙන්න තරම්, බිත්ති වල පින්තූර බිමට වැටෙන්න තරම්, සමහර ගෙවල් ඉරි තලන්න තරම් කඩා වැටෙන විශාල හුණුගල් ස්ථර කොහෙද තියෙන්නේ? (3). අධි ජන තෙරපුමක් නම් පොලවේ පැල්මක් තියෙන්න ඕනේනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

