මම බන්ධනාගාර කොමසාරිස්තුමාට නියෝග කරා පේ්රමලාල්ව ඊලඟ පාර්ලිමේන්තු සැසිවාරයට කැඳවන්න
19 ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ඵලදායි සාකච්ජාවක් තවම සිදුවි නොමැති බවත් පැහැදිලිවම නව ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍ය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කතානායක පදවිය ලැබිමෙන් පසුව ප්‍රථම රාජ්‍ය ආයතනය ලෙසින් රුහුණු විශ්ව විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට හා සාකච්ජාවකට ඊයේ (29) එක්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් හෙතෙම එසේ පැවසිය.
එහිදි තවදුරටත් අදහස් පලකල කතානායකවරයා,
‘‘ අද පේ‍්‍රමලාල් ජයසේකර මන්ති‍්‍රතුමා පිළිබදව කතා කරනවා බොහෝ දෙනා. එතුමා පාර්ලිමේන්තුවට මේ තේරුනේ දෙවැනි වතාවට. මිට කලින් එතුමා රිමන්ඩ් සිරකරුවෙක් විදියට තමයි පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වුනේ. ඊළගට මේ මැතිවරණයේදි පක්ෂයෙන් නාමයෝජනා දුන්නා. එතුමගේ නාමයෝජනා පත්‍රය සාමදාන විනිශ්චකරුවෙක් සහතික කරලා තියෙනවා. ඒ සහතික කරපු එක මැතිවරණ කොමසාරිස්තුමා පිළිගත්තා. පසුව එතුමාට අපේක්ෂකත්වය දුන්නා ඒ ගැන වාදයක් විවාදයක් කිසිවක් වුනේ නැහැ. හැබැයි ජන්දය පවත්වන්න දවස් 2 කට කලින් එතුමා මිනිමැරුම් චෝදනවාවකට මරණ දඩුවම හිමි වුනා. ජන්දය පැවැත්වුවා . එතුමා මැතිවරණයෙන් දිස්ති‍්‍රක්කයෙන් දෙවැනියට වැඩිම මනාප අරගත්තා . එතකොට මේ රටේ අයිතිකාරයෝ මැතිවරණ කොමසාරිස්තුමාවත් අධිකරණයවත් නෙමෙයි මේ රටේ ජනතාව , ඒ ජනතාව තමන්ගේ අයිතිවාසිකම පෙන්නුම් කරලා තියෙනවා ජන්දයෙන්.
එතකොට ජනතාව තින්දු කරලා තියෙනම් අපිට එතුමගේ සේවය අවශ්‍යයි කියලා අපිට පුලූවන්කමක් නැහැ ජනතාවගේ අවශ්‍යතාවය සිරගතකරලා තියන්න . ඒ නිසා මම බන්ධනාගාර කොමසාරිස්තුමාට නියෝග කරා පේ‍්‍රමලාල් ජයසේකර මැතිතුමා ඊලග පාර්ලිමේන්තු සැසිවාරයට කැදවාගෙන එන්න කියලා . ඒක නතර කරන්න කාටවත් යුතුකමක් නැහැ . ජනතාවගේ උත්තරිතරභාවයට කල හානියක් එසේ කලොතින්’’ යැයි ඔහු වැඩිදුරටත් පැවසිය .

popular news
-
Demuni Uduwara Sunday, 30 August 2020 06:36 PM
We were surprised by his speech of the judicature and EC.
Reply : 0 0
Champa Sunday, 30 August 2020 06:55 PM
අධිකරණයෙන් දඬුවම් නියම වෙච්ච අපරාධකාරයෙක්ට පාර්ලිමේන්තු එන්න දෙන්න කියල නියෝගයක් දෙන්න කථානායකට බලයක් නැහැ. දඬුවම් නියම වෙන්න ඉස්සෙල්ල ආපු එක වෙන දෙයක්. දැන් ඔහු මිනිමරුවෙක් විදිහට ඔප්පු වෙලා දඬුවමුත් ලැබිලා ඉවරයි. මිනීමැරුම් නඩුවක් තියෙන මිනිහෙක්ට නාම යෝජනා දීම පලවෙනි වැරැද්ද. දෙවෙනි එක මැකෝ ඒ නාම යෝජනා පිළිගැනීම. හැබැයි ඉතින් ඇමරිකන් පුරවැසියෙක්ට ජනාධිපතිවරණෙට තරඟ කරන්න ඉඩ දුන්නු මැකෝ හිතන්න ඇති, පොහොට්ටුවෙන් නම් මිනිමරුවෙක් වුනත් මොකොද කියල. තුන්වෙනි කාරනාව මනාප වල කිසිම විශ්වාසයක් නැහැ මේ ජනතාව දීපු මනාපද නැත්නම් අහසින් වැටුණු මනාපද කියල. ඒ මොකොද කිව්වා නම් ඇත්තටම මේ මැතිවරණයේ ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව සියයට 30ක් හෝ 35ක් වැනි ඉතා අඩු ප්‍රමාණයක් නිසා, මේ චන්දය වලංගු චන්දයක් නොවෙන නිසා. අවසාන චන්ද ප්‍රතිඵලයේ ඉතුරු සියයට ගණන දැම්මේ අතින්. විග්නේශ්වරන්ගේ කතාවට කථානායක බාධා නොකළේ විග්නේශ්වරන් නමැති බෙදුම්වාදියාව පාර්ලිමේන්තු ගෙනාවෙත් පොහොට්ටුව නිසා. හිටපු කථානායක උපදෙස් ගන්නේ රනිල්ගෙන් කියල චෝදනා කරපු දේශපාලකයෝ අද, අන්දභූත චරිත රඟපානවා.
Reply : 0 0
Kumar Monday, 31 August 2020 06:50 AM
Mr. Speaker, what about the human that lost his life at the hands of this murderer. He has no rights? Only thing the assembly needed was a convicted murderer.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

