’’නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය’’ ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියි.
අපිට ලැබුණේ වැටුණු රටක්.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වැටි තිබූ රට කොරෝනාවෙන් බිමටම සමතලවෙලා ගියා. මේ වැටුණු රට යළි ගොඩගන්නට නම් ශක්තිමත් ජනාධිපතිවරයෙක් වගේම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඉතාම අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අද(19 ) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදි කීවේය.
Read Moreකැස්බෑව හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල පුද්ගලයන් 113 දෙනෙකුට 16 වෙනිදා සිදු කල පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් ඔවුන් කිසිවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී නොමැති බවට සිකුරාදා 17 රාත්‍රි ලද වෛද්‍ය වාර්තාවලින් සනාථ වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
Read Moreඅපි අලුතෙන් වරායක්, ගුවන්තොටුපලක් හැදුවා. අධිවේගී මාර්ගය බිහිකළා. වරාය විකුණුවා. ගුවන්තොටුපල බේරගන්න පුළුවන් වුණේ අපි බලයට ආපු නිසයි. වරාය විකුණන වෙලාවේ හම්බන්තොට ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ හිටියත්, එක ඇමති කෙනෙකුට පණ තිබුණෙ නැහැ වරාය විකුණන්න එපා, මේක ජනතාවගේ වස්තුවක් කියන්න.
Read Moreදිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවිය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ (Face Mask) නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2093 දෙනෙකුට අවවාද කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
Read Moreරාජපක්ෂවරුන් සමග ඩීල් දැමූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කුමන්ත්‍රණයට එජාපයේ පිරිසක් හමුවූ බවත් මාස අටට ආණ්ඩුව කළ දෙයක් නොමැති බවත් රට අර්බුදයකට ගිය බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
Read Moreකන්දකාඩු කොරෝනා කොවිඩ් පොකුරට අදාළව මේවන විට පොලොන්නරු දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනෙක් හමුව ඇති බවත් ගෘහස්ථ නිරෝධායනය කළ පිරිස 900ක් බවත් පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා කියයි.
Read Moreප්‍රමුඛ අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් වගාව ප්‍රවර්ධනයට කඩිනමින් සැලසුම් සම්පාදනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ගණන 2711ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreවසර 26 ක් පවතින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බවත් , එම නායකයා විමට අවශ්‍යය සුදුසුකම් තමන්ට ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.
Read Moreපුත්තලම ආසිරිගම දස හැවිරිදි දැරිය මරණයට පත්ව ඇත්තේ අධික ලෙස රුධිර වහනය වීමෙන් බව පුත්තලම මූලීක රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ඩබ්ලිව්.එස්.කේ.ආර්.වික්‍රමාරච්චි මහතා වෛද්‍ය වාර්තාව ලබා දෙමින් සනාථ කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 12 දෙනෙකු අද (19) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 4ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreපුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අද (19දා) කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.
Read Moreකවුරු හොඳ නෑ කියලා කිව්වත් ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ සංරක්ෂණය ඇතිකළ කෘතිම වැලි පරය සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපට විශාල වාසි ගෙන දෙන්නක් වුනා. ශීත කාමර වල ඉන්න අය කොහොමද වැල්ල ගැන දන්නේ වැල්ල ගැන අහන්න වෙරළෙ ඉන්න අපෙන් යැයි ගල්කිස්ස සංචාරක වෙරළ තීරයේ සංචාරක අවන්හල් පවත්වාගෙන යන්නන් සහ එහි පැමිනෙන දේශිය සංචාරකයින් පැවසීය.
Read Moreනාවික හමුදාවේ කෝවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 906 ක් වූ අතර අද වන විට ඉන් 903ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreරටේ ප්‍රධානතම ප්‍රශ්න දෙක බවට පත්ව තිබෙන කොරෝනා හා ආර්ථික අර්බුදයට සහ අනෙකුත් ප්‍රශ්න වලට විසඳුම් ලබා දි රට ගොඩගන්නා මාර්ගය එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කොට තිබෙන බව එම පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
Read Moreගිරිඋල්ල කොහිලවල ප්‍රදේශයේදී මෝටර් රථයක් පැහැරගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් එම මෝටර් රථයද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreබස්රථවල ගාස්තු වැඩිකිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
Read Moreකුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හා කුඩු ජාවාරම මර්දනයට සහාය දෙන තමන්ට පාතාලයට හා කුඩු ජාවරමට සම්බන්ධ වූවන් මඩ ගැසීමට පටන් ගෙන ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreහෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් සැරයන්වරිකට කොරෝනා රෝගය වැළඳීමත් සමග නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ පොලිස් නිලධාරීන් හතළිස් එක් දෙනාට කොවිඩ් 19 වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි,නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් අද (19 දා) පැවැසීය .
Read Moreමත්තොගොඩ සමගි උයන ප්‍ර දේශයේ තෙමහල් නිවසකින් බිමට පැන පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික්කයේ ජනතාවට කියා සිටී.
Read Moreරබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එමඟින් රැකියා විරහිත පිරිස් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
Read Moreකන්දකාඩු කඳවුරේ සිටියදි කොරෝනා ආසාධිත බවට හදුනාගත් හමුදා නිලධාරි උපදේශක සුසිල් කුමාර දුනුකාර මහතාගේ තලවතුරේ පිහිටි නිවස සොරුන් විසින් කඩා බදි දමා ඇති බව දවුලගල පොලිසිය පවසයි.
Read Moreවිදුලිබිල්පතට දෑවන්ත සහනයක් අපි ලබා දි තිබෙනවා. එම සහනය මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් ලබා දුන් දැවැන්තම සහනයයි. මේනිසා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 30,000ක ආදායම් අහිමිවීමක් තිබෙනවා.
Read Moreමත්තෙගොඩ, සමගි උයන ප්‍රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම සමගි ජන බලවෙගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක්ද වන නිමල් ආර් පීරිස් තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇති කරගනිමින් සිටින පසුබිමක, දෙවැනි දිනටත් දෛනික ආසාදිතයන් 70,000 ඉක්මවයි.
Read More