කොරෝනා වසංගතය නිසා අපරාධවල අඩුවීමක්- FBI
- 16 09 2020
- 07:12
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් ජනපදය පුරා කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ 2020 මුල් මාස හය තුළ එරට ප්රචණ්ඩකාරී හා දේපල අපරාධ දෙකම අඩුවී ඇති බව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසයි.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා අගුලු දැමීම් සමහර ප්රදේශවල මිනීමැරුම් මීට පෙර වසරට වඩා 14.8% කින් පහත වැටී ඇති අතර ස්ත්රී දූෂණ 17.8%කින් පහත වැටී ඇති බව FBI විසින් සම්පාදනය කරන ලද වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම ප්රචණ්ඩ මංකොල්ලකෑම් 7.1%කින් පහත වැටුණු අතර, ප්රචණ්ඩකාරී නොවූ සොරකම් හා සුළු සොරකම් 2019 මුල් භාගයට වඩා මඳක් අඩුවී ඇතැයිද FBI පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
