saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 8304 hours ago

LATEST

එළවළුවලට නිසි මිලක් - ජනපති

calendar_today 2020 ජුලි 21 - 16:08 remove_red_eye - 282  

එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු ලබන මස 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

යුද හමුදා සාමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට එල්.ටී.ටී.ඊ. නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනව ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

Read More

කුච්චවේලි පොලිස් මාරක බාධකයේදී කල හදිසි සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධි මත්පෙති තොගයක් සහ හෙරෝයින් තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කල තරුණයෙකු අත්අඩංගුවට ගත් බව කුච්චවේලි පොලීසිය පවසයි.

Read More

ලබන අගෝස්තු මාස 5 වැනි දින පැවැත්වීමට නියමිත මහමැතිව්රණය සදහා තැපැල් ඡන්ද ප්‍රකාශය අද අවසන් වුනි.

Read More

2015ට පෙර පැවැති රාජපක්ෂ ආණ්ඩුව ජාතික කෞතුකාගාරයට කඩාවැදී එහි තිබෙන පුරාවස්තු සොරකම් කළ බවත්, පවතින රාජපක්ෂ ආණ්ඩුව පුරාවස්තු විනාශ කරන්නට පටන්ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් කැලණිය ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

බහිරවන්ද පෞද්ගලික තානායමක රැදී සිටිමින් මහනුවර නගරයේ ශ්‍රී දළදා මාළිගාව,ජනාධිපති මන්දිරය ඇතුලු ආරක්ෂිත ප්‍රදේශ ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ ගත කල යුක්‍රේන ජාතිකයෙක් මහනුවර පොලීසියේ සංචාරක ඒකකය මගින් අද (21දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රැකියා ලබා ගත යුත්තේ එමඟින් රටේ ආර්ථිකයට සහ ප්‍රගමනයට දායකවීම සඳහා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) රත්නපුර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවක දී උපාධිධාරීන් පිරිසකගේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සම්බන්ධව අඳහස් දක්වමින් කියා සිටියේය.

Read More

නඩු පවරන බවට තර්ජනය කරමින් මත්පැන් ජාවාරම්කරුවෙකු බියවද්දා මුදල් ලබාගැනිමට උත්සාහ කළ උපපොලිස් පරික්ෂකවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වන විට සුවය ලබා ඇති සංඛ්‍යාව 2048ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවෙන් රෝගීන් 2730ක් වාර්තා වන අතර ජීවතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.

Read More

ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිම අදින් අවසන් වෙයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයේ අධිවේගී මාර්ගය තුළට වනලියෙකු පිවිස තිබේ. මාර්ගය දෙපස සවිමත් අලි වැටක් තිබියදී මෙම වන අලියා මාර්ගයට පිවිස තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ 139591ක් සිදුකර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ කැලෑවක කෝපි ගසක් මත මිය ගොස් සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර කොටියාගේ සිරුර නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් නාවලපිටිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත මියගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා මිනිපේ පශ්‍ර වෛද්‍ය රෝහල වෙත ඊයේ දින යොමු කළ බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ සහාය ද පළ කර බව සංගමයේ ලේකම්, සුරංග දර්ශන මහතා පවසයි.

Read More

හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 43 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (21) තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණි.

Read More

කොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමග හානිවු ඉතාලියේ ආර්ථිකය ජන ජිවිතය හා ව්‍යාපාර නැවත ගොඩනැංවීම සඳහා යුරෝපා හවුලෙන් යුරෝ බිලියන 750 ක ආර්ථික හා සහනාධාර පැකේජයක් සදහා යුරෝපා කොමිසමෙන් එකඟතාවයක් ඊයේ (20) ඇති වු බව ඉතාලි මුදල් අමාත්‍යාංශය පැවසීය.

Read More

දැරියන් තිදෙනා ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ දැඩි සුළං සහිත කාලගුණයක් පැවති අතර එම අවස්ථාවේ ආසන්නයේ පිහිටි කොහොඹ ගසක අත්තක් දැරියන් තිදෙනා මතට කඩා වැටී ඇත.

Read More

තේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන්ගේ ශ්‍රම දායකත්වය අවම විම නිසා තේ නිෂ්පාදනයට ගැටලුවක් පැවතිම හේතුවෙන් චිනයෙන් මෙරටට ආනයනය කරන ලද තේ දලු නෙලිමේ යන්ත්‍රය උපරිම ඵලදායිතාවයක් ගෙන එන බව ආගරපතන හොල්බෘක් කෘෂි ව්‍යාපාරයේ කලමණාකාර අධ්‍යක්ෂක මොහාන් පින්නදුවගේ මහතා පැවසිය.

Read More

ව්‍යාජ ලිපිලේඛණ ලබාදෙමින් විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගැනීමේ චෝදනා යටතේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කටයුතු කළාය.

Read More

එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජනබලවේගය හෝ මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂය සමග පොහොට්ටුව කිසිසේත් ජාතික ආණ්ඩු හදන්නේ නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

බුවනෙකබා රජතුමාගේ රාජ්‍ය සභාවෙ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කිරිම සඳහා නියෝගය දුන්නේ කවුරුන්ද බව ෆයිල් වල ඇති බවත් තමන්ට ඇති ප්‍රශනය යහපාලන සමයේ මෙවන් දෙයක් වූ විගස කෑ ගහන අය මේ අවස්ථාවේ නිහඩ ඇයි කියා තමන්ට ගැටලුවක් වි ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිම් වලදි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වී තිබුණි.

Read More

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා විදේශීය මුහුදු නාවිකයන් 32 දෙනෙකු රැගෙන දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් 7/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 9ක් ඇතුළු පොලීසියේ 17කට ස්ථාන මාරුවීම් ලැබී තිබේ.

Read More

දේශීය සම්ප්‍රේෂණයන් 20ක් සහ එරටට විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන්ද ඇතුළුව ගෙවීගිය දිනයේ ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

ඔහු පොලිස් මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරී සඳහා යෙමුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

එනමුදු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ මේ වසර අවසන් වනවිට COVID-19 ට එරෙහිව සාර්ථක එන්නතක් ලබාදෙන බවට තමාට පොරොන්දු විය නොහැකි බවය.

Read More

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගම්මිරිස් අපනයනය කිරීමේදී පවතින බදු වාසිය යොදා ගනිමින් වියට්නාමයේ ගම්මිරිස් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යොමුකරන බව ඉන්දියානු ගම්මිරිස් සහ කුළුබඩු වෙළෙඳුන්, වගාකරුවන්, වැවිලිකරුවන්ගේ ඒකාබද්ධතා කේරළ සම්බන්ධීකාරක කිෂෝර් ෂම්ජි පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.