බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම සංකලනය කරමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සාකච්ඡාවක් අරඹනවා
බටහිර වෛද්‍ය ක්‍රම පවතින රෝහල් වල දේශීය වෛද්‍ය ක්‍රමයත් සංකලනය කරමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සාකච්ඡාවක් ඇරඹීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.
අමාත්‍යතුමිය මේ බව පැවසුවේ අද දින (17) ''සුවධරණී හෙළ ඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතියෙහි'' සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
එම උත්සවය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන්, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාවින්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබද ජාතික ආයතන පරිශ්‍රයේදී පැවති අතර ඒ සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහභාගී විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

