විස්ස හරහා අනාගතයේදී උන්මන්තයෙකුට බලය ලැබුණොත් යකා නටයි
යෝජිත විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා යම් හෙයකින් උන්මන්තක පුද්ගලයෙකුට බලය පැවැරුණහොත් ඔහු 'යකා නටනු' ඇතැයි හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ජනපතිගේ මතයට එකඟ නොවන අයගේ හිස ගසා දමනු ඇති බවත් එවැනි භයානක බලතල මෙම යෝජිත සංශෝධනයේ තමන් දුටු බවත්ය.
යෝජිත සංශෝධනය හරහා මිලියන 21ක් වන ජනතාවගේ ප්‍රජා අයිතිය එක් පුද්ගලයෙකුට පැවැරීමක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථික සෘණ වී ඇති අවස්ථාවක, කර්මාන්ත 200ක් වසා දමා ඇති අවස්ථාවක, දකුණු ආසියාවේ ඉහළම ජීවන වියදමක් ඇති අවස්ථාවක විසි වැනි සංශෝධනය සඳහා මෙතරම් ඉක්මන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළේය.
යම් හෙයිකින් ඡන්දයට පෙර විසිවැනි සංශෝධනයේ යෝජිත කරුණු ජනතාවට දැක ගැනීමට අවස්ථාව තිබුණේ නම් ලක්ෂ 69ක් ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
Deepal Nirosh Thursday, 17 September 2020 02:17 PM
හරියටම හරි, අර 19 හරහා මුලින්ම පත් වෙච්චි කථානායක වගේම වේවි. එකම වෙනස අකීකුරු වීමයි.
Reply : 0 0
lelwala Thursday, 17 September 2020 05:02 PM
Udaharanayak wasayen oba unmanthayaku lesa pasugiya rajaye hasiruna hati rate janathaawa dana sitiya. paththakata wela hitiy nam honda.
Reply : 0 0
Manel Friday, 18 September 2020 04:10 AM
aththa thamayi. Unmaththakayakutah wada, joker kenek (karu J vani) handen chanda ganan karana minihek hitiyoth ivarayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

