saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8846 hours ago

LATEST

අගමැති රාජ්‍ය ළමා චිත්‍ර උළෙලට එක්වෙයි

calendar_today 2020 ඔක් 01 - 22:00 remove_red_eye - 199  

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ, නෙළුම් පොකුණ රගහලේ පැවති රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින සහභාගී විය.

“පොඩි ලැසි“ නැමැත්තාගේ සමීපතමයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීටියාගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩාවැටුන ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පිටු 21ක වාර්තාවක් අද (01) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් තමන් වෙත ලබා දුන් බවත් එම මහල් ගොඩනැගිල්ලේ ඇතැම් ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බවට වර්තාවේ දැක්වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසුවේය .

Read More

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා සුඛෝපභෝගී බස් රථයක් ධාවනය කරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු හා කොන්දොස්තර වරයා කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 7 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සිරි පෙරේරා නියෝග කළේය .

Read More

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ 30 දින සිට අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත්කර තිබේ.

Read More

නැවත ප්‍රතිඅපනයනය කරන බවට රේගුවට ප්‍රකාශ කරමින් තීරු බදු රහිතව 2018 වසරේ කොළඹ වරාය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන විත් සීදුව ප්‍රදේශයේ බන්ධිත ගුදමක සගවා තිබූ බහාලුමක් යළි විවෘත කිරීමේදී එම මත්පැන් වෙනුවට පානීය ජල බෝතල් ඇතුළු කර රජයට රුපියල් කෝටි 04ක අලාභයක් සිදු කිරීම පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

කේවල ඡන්ද ක්‍රමය යටතේ ජේ ආර් ජයවර්ධන මහතාට ලැබුණු හයෙන් පහක බලයට වඩා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු තුනෙන් දෙකක බලය බලවත් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා කීය.

Read More

වැල්ලම්පිටිය - නාගහමුල්ල මංසන්ධියේ අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක නැගි පුද්ගලයෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3382 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින පැවැසීය.

Read More

ගාල්ල - ඉමදුව නගරයේදි රු.කෝටි 6කට අධික මුදලකට වාලම්පුරි දෙකක් විකිණිමට තැත් කිරිමේදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිවුදෙනා ලබන 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ සිදු කෙරෙන විශේෂ වැටලීම්වලදී පැය 23 තුළදී මත්ද්‍රව්‍ය සමග තවත් සැකකරුවන් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක ළමා දිනය සැමරීමට එක් වෙයි.

Read More

විදුලි පාරිභෝගිකයා, සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු බවට පත් කරන සැලැස්මක් ඉදිරි අයවැයේදී ජනාධිපතිතුමන් ඉදිරිපත් කරනු ඇතැයි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3233 දක්වා ඉහල ගොස් ඇත.

Read More

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද 01 දින අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදිමට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අදත් මෙම හමුවට පැමිණියේය.

Read More

අභාවප්‍රාප්ත, ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය.

Read More

2013 වසරේදි එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතරදි ඇතිවු ගැටුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වි සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු 63 දෙනෙකු නිදහස් කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

Read More

දිවයින පුරා පාසල්වල පහ ශ්‍රේණි සිසුන් ඉලක්ක කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය මෙවර 2020 ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු සියලු කටයුතු යොදා ඇත.

Read More

නව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ කටයුතු (කෝප් කමිටුව) ලබන ඔක්තෝබර් 06 වන දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වසංගතය පහව යාමෙන් පසු මෙරට සංචාරක හා ආයෝජන කේෂ්ත්‍ර නංවාලීම සඳහා කැනඩා රජය සිය පූර්ණ සහාය පල කරයි.

Read More

රුපියල් මිලියන හැටකට වඩා වැඩි වටිනාකමකින් යුත් වාලම්පූරි දෙකක් අලෙවි කිරීමට සැදු සිවුදෙනෙක් ඊයේ (30 ) රාත්‍රියේදි ඉමදූව බෝදාගොඩදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කලුතර කදවුරේ නිලධාරින් සමත්වූහ.

Read More

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් කාන්දුවක් සෙවීම සඳහා ගගනගාමීන් රාත්‍රිය පුරා අවදි වී සෝදිසි සිදුකරන බව කියයි.

Read More

මේ වනවිට එම ස්පා ආයතනයේ මෙහෙයුම් අත්හිටුවා තිබුණත්, එහි පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් වාර්තා තබා නොගැනීම නිසා ආසාදිතයන් ලුහුබැඳීම දැඩි ගැටලුවක් වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

චීනය සහ කතෝලික පල්ලිය සම්බන්ධයෙන් පොම්පිඕ මෑතකදී පළ කළ අදහස් රාජතාන්ත්‍රික වශයෙන් වතිකානුව හා එක්සත් ජනපදය අතර උණුසුම් තත්ත්වයක් ඇති කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,867,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය වෙනුවෙන් යුරෝපා රටවල පැනවූ නීතිරීති තරුණ ප්‍රජාව තඹයකට මායිම් නොකිරීම දැඩි අර්බුදයක් වී තිබේ.

Read More

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල් (ASEAN) 05ක තානාපතිවරු ශ්‍රී ලංකාවේ COVID 19 අභියෝගයට මුහුණ දීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රශංසාව පළ කළහ.

Read More

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒ්කාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ පැවැසීය.

Read More

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.