වොෂිංටනයේ නව කොවිඩ් පොකුරට හේතුව ස්පා එකක්
එක්සත් ජනපදයේ, වොෂිංටන් ප්‍රාන්තයේ කිං කවුන්ටි හි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ අවම වශයෙන් කෝවිඩ්-19 ආසාදිතයන් 25 දෙනෙකුගෙන් යුතු පොකුරක් සියැටල් ආසන්නයේ වූ ස්පා සම්බාහන ආයතනයක් ආශ්‍රිතව මතුවී ඇති බවයි.
මෙම නවතම ආසාදන ඉස්මතුවීමත් සමග එම ස්පා ආයතනයේ සේවය කරන තරුණියන් 23 දෙනෙකු සහ එහි සේවය ලබාගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මේ වනවිටත් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් මෙම ආසාදන පොකුර මීට වඩා විශාල බව විශ්වාස කෙරෙයි.
එම සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ සැප්තැම්බර් 16 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ස්පා වෙත පැමිණි ඕනෑම කෙනෙකු නව කොරෝනා වෛරස පරීක්ෂණයක් සිදුකර දින 14ක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසයි.
මේ වනවිට එම ස්පා ආයතනයේ මෙහෙයුම් අත්හිටුවා තිබුණත්, එහි පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් වාර්තා තබා නොගැනීම නිසා ආසාදිතයන් ලුහුබැඳීම දැඩි ගැටලුවක් වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

