saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8680 hours ago

LATEST

කොස්ගොඩ පොලීසියේ 58 දෙනෙකු නිරෝධායනයට

calendar_today 2020 ඔක් 25 - 22:45 remove_red_eye - 462  

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොස්ගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් 58 දෙනෙකු නිරෝධයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවකොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේකෙන් අපිට හොද පාඩමක් තියෙනවා.ඒක තමයි අවස්ථාවාදී දේශපාලඥයන්ට ,අවස්ථාවාදී දේශපාලන න්‍යාය පත්‍ර තිබෙන කණ්ඩායම් වලට අපිත් එක්ක තවදුරටත් ගමනක් යන්න සුදුසු නෑ. අපට ඔවුන් එක්ක ඉන්න බෑ.

Read More

පසුගිය 08 වෙනිදා නිරෝධායන ඇදිරි නීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශ 15ක පවුල් 4,64,254කට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මෙහිදී කිවේය. ඒ සදහා වැය වෙතැයි ගනන් බලා ඇති මුදල රුපියල් 2,321,270,000 කි.

Read More

බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Read More

දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් තවත් ආසාදිතයන් 85ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවලදි විභාග කිරිමට නියමිත ඇති සියලුම නඩු කල් දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

Read More

බලන්ගොඩ පින්නවල ඇතෑවැටුන ඇලේ ගිලි 23 හැවිරිදි තරුණයකු මියගිය බව පින්නවල පොලිසිය කියයි.

Read More

කොළඹ කොටුවට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති හෙයින් විශේෂ දුම්රිය හැර සියලුම දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රත්තොට ප්‍රදේශයෙන් කොවිඩ් ආසිදිතයෙක් වාර්තාවීමත් සමග රත්තොට ප්‍රදේශයේ සංචාරකයින් පැමිණෙන ස්ථාන 25 දින සිට වසා දැමිමට පියවර ගන්නා බව රත්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති කුමාරසේන තෙන්නකොන් මහතා පැවසිය.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් සිදු කෙරෙන ලිපි බෙදීමේ කටයුතු නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවීමට සිදුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළා. බොහෝ ප්‍රදේශවල ජනතාව ලිපි සහ පාර්සල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ තැපැල්කරුවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයන් සහ රියදුරන් 40 දෙනෙකු ඊයේ (24දා) කල්පිටිය රෝහලේදී පී. සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කරමින් සිටිය දී, ඒ සදහා සහභාගී වීමට පැමිණ සිටි 32 හැවිරිදි විවාහකයෙකු හදිසියේ මිය ගොස් ඇතැයි, කල්පිටිය පොලිස් ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර මහතා පවසයි.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන ආ , කොට්ටාව හොරණ පාරේ මාළු වෙළඳසැලක හිමිකරුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් එම වෙළඳසැල අද මුද්‍රා තැබීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

Read More

කොවීඩ්-19න් වසංගතය හමුවේ කොස්ගොඩ පොලීසිය තාවකාලිකව අද (25 ) රාත්‍රියේ සිට වසා දැමීමට පියවර ගත් බව එම පොලීසියේ ප්‍රකාශකයකු කීවේය.

Read More

බේරුවල,අලුත්ගම හා පයාගල යන පොලිස් බල ප්‍රදේශයන්ට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) උදෑසනස 5.00ට ඉවත් කරන බව මින් පෙර දැනුම් දී තිබුණද එම නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මකයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ අද (25) සවස වනවිට කොරෝනා ආසාදිතයින් 39 දෙනකු වාර්තාවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 263ක් හඳුනා ගෙන ඇත.

Read More

අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 113 දෙනෙකු සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

ගාල්ලේ ධීවරයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී වෛද්‍යවරු ඇතුළු නිලධාරීන්ට බාධා කළ ධීවරයකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් මනෝ වෛද්‍යවරයකුට පෙන්වා ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (25) නියෝග කළේය.

Read More

මන්නාරම මඩු පොලිස් වසමේ ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා යාමෙන් අවුරුදු 12ක් වයසැති ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අද (25) දින රෝහල්ගත කල බවට මඩු පොලීසිය පවසයි.

Read More

අද (25) ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත. කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙතෙක් කෝවිඩ්-19 වාර්තා වී නොතිබුණත් මධ්‍යම පළාතෙන් ආසාදිතයන්හය දෙනෙකු හමු වී තිබෙන බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි

Read More

රට තුල කොරෝනා රෝගින් ප්‍රමාණය ඉහළ යැමත් සමග, අඩු පහසුකම් සහිත ආදිවාසී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අද 25 දින සිට දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සදහා විවෘත නොකිරිමට තමන් තීරණය කල බව ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන් මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරයි.

Read More

කොවිඩ් - 19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 89 දෙනෙකු අද (25) දින රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

හැටන් නගරයෙන් පළමු කොවිඩ් අසාදිතයා හමුවිමත් සමග හැටන් නගරයේ සියලුම වෙළදසැල් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සිට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට දින එනම් 2020 ඔක්තොම්බර් 26 වන දින පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් හා ඖෂධ වෙළඳ සැල් විවෘත කර තැබෙන බව දැනුම් දෙයි

Read More

ඉතාලියේ නාපෝලි නගරයේ සනිතා ප්‍රදේශයේ නිවසක මියගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ ^24& සොයාගත් බව නාපෝලි කැරිබිනේරි පොලිසිය පැවසීය.

Read More

කොටුව,පිටකොටුව,බොරැල්ල,වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

පාර්ලිමේන්තු පොලිසියේ විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජි ඩි ලයනල් මහතා පැවසීය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.