saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8677 hours ago

LATEST

ස්විට්සර්ලන්ත තානාපති හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක්

calendar_today 2020 ඔක් 26 - 17:01 remove_red_eye - 322  

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර්මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද 2020.10.26 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

චීන ශ්‍රී ලංකා දෙරට අතර සුහදතාව ශක්තිමත් කරමින්,කොවිඩ් හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මුහුණු ආවරණ දෙදහස් පන්සීයක කට්ටලයක් ලබා දීමට මේ පියවර ගෙන ඇත . චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිත ’ලු ’ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත මෙම පරිත්‍යාගය පසුගියදා භාර දෙන ලදී .

Read More

කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 166 දෙනකු වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

2019 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අන්තර්ජාලයට නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Read More

කෝවිඩ් 19 ආසාදිතයන් වාර්තාවීමත් සමග රත්නපුර දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී වසම් නවයක් ඊයේ රාත‍්‍රී සිට හුදකලා කළ බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසුවේය.

Read More

මහරගම නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පහළොස් දෙනකු (26) දා වාර්තා වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් 130ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු තලවකැලේ හා කොටගල ප්‍රදේශවලින් අද (26) හඳුනා ගෙන ඇතැයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලය පවසයි.

Read More

මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 41, 000ක් පමණ ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබෙන බව ත් වෛද්‍ය සිසුන් පමණක් 371ක් වැඩිපුර ඇතුළත් කර ගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගියදා සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

Read More

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ සහ මව්වරුන් 03 දෙනෙකුට කෝවිඩ් වෛරසය අසාදනය වි ඇති බව රෝහල් අධ්‍යකෂ සඳහන් කර සිටියි

Read More

අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාව තුළ ඊයේ (25දා) දිනය වන විට පී.සී.ආර්. පරීක්ෂණ 450836ක් සිදුකර අවසන් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊයේ (25දා) දිනය වනවි වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 127ක් වන බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඉන්දික පතිරණ මහතා සඳහන් කළේය.

Read More

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයේ රෝහල් පහක් කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස වෙන් කර ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

කොරෝනා ආසාදිත මාළු ව්‍යාපාරිකයෙකු 25 රාත්‍රී පිලියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක ඔහුගේ පුතුගේ මංගල්‍යයට සහභාගි වී සිටින බවට ලද තොරතුරක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහු පලා ගොස් තිබූ බව පිලියන්දල පොලිසිය කියයි

Read More

ඇතැම් අභයභූමි මෙන්ම වනසංරක්ෂණ කළාප අනවසරයෙන් ඇතැම් පුද්ගලයින් මෙන්ම ව්‍යාපාරිකයින්ද අත්පත් කර ගනිමින් සිටින නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්, අනවසර ඉදි කිරීම් ඉවත් කිරීම සඳහාත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින් තීරණය කර ඇත.

Read More

හම්බන්තොට ධිවර වරායේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමඟ හම්බන්තොට ධිවර වරායට හා නගරයට ඇතුළුවීමේ සිමා පනවා තිබේ.

Read More

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

කොළඹ නැව්තථාංගන හා පැලියගොඩ මත්ස්‍ය වෙළද පොළේ කොරෝනා පොකුරු නිසා ගාල්ල දිස්ත්‍රික්කය තුල මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14ක කාලයක් ලබා දී තිබේ.

Read More

පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් අද නිකුත් කිරීමට නියමිතව තිබේ.

Read More

යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ජර්මනියද ආසාදන වැඩිවීමට එරෙහිව සටන් කරමින් සිටින අතර, එරට ෆ්‍රෑන්ක්ෆර්ට් නගරය සෑම වසරකම පවත්වන ප්‍රසිද්ධ නත්තල් වෙළෙඳ සැණකෙළියද අවලංගු කර ඇත.

Read More

කොරෝනා වසංගතයත් සමග කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරින් 49 දෙනෙකු නිරෝධායනයට ලක්කිරිමත් නිසා කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ධුරයේ වැඩ ආවරණය කිරිම සදහා වෙනත් නිලධාරියකු පත්කොට අවට පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් ද අනුයක්ත කොට පොලිසියේ රාජකාරි කටයුතු ඊයේ (25) රාත්‍රියේ සිටම සාමන්‍ය පරිදි පත්වාගෙන යන බැව් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පත් නුවන් වෙදසිංහ මහතා පවසයි.

Read More

අවශ්‍ය මොහොතේ කඩිනම් පියවර නොගැනීම, නිසි නායකත්වයක් නොදීම, මධ්‍යගත තොරතුරු ලබාදීමක් සිදු නොකිරීම, වෘත්තීය පළපුරුද්ද ඇති විශේෂඥයන්ගේ සහාය ලබා නොගැනීම සහ වසංගතයට ඕනෑ ආකාරයට පැතිරීමට ඉඩදී බලා සිටීම හේතුවයි.

Read More

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ජූලි මාසයේදී දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 700කට වඩා වැඩි වූ නමුත්, නිවසේ සිට වැඩ කිරීමේ දැඩි නීතිරීති පැනවීම සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මෙම ජයග්‍රහණය ලබාගත හැකි විය.

Read More

හම්බන්තොට ධිවර වාරයේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

Read More

නව නීතිරීති මුලින් දින 15ක් සිට ඉදිරි මාස 06ක් දක්වා දීර්ඝ කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය පේද්‍රෝ සාන්චෙස් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,153,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.

Read More

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, වවුනියා සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙය ශ්‍රී ලංකාවේ 16 වැනි කොරෝනා මරණය වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.