saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8686 hours ago

LATEST

බලපිටිය රෝහලේ වසා දැමුණු වාට්ටුව යළි විවෘත කරයි

calendar_today 2020 ඔක් 24 - 16:35 remove_red_eye - 320  

කොවිඩ් -19න් වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු බලපිටිය මූලික රෝහලේ එකේ වාට්ටුව අද (24 ) යළි විවෘත කිරිමට පියවර ගත් බව එම රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

ත්‍රිකුණාමල මධ්‍යම මාළු වෙළද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වි ඇති බව ප්‍රාදේශිය වසංගත රෝග ඒකකය සොයා ගැනිමත් සමග අද (24) මාළු වෙළද සංකීර්ණය වසා දැමිමට ව්‍යාපාරිකයන් කටයුතු කළේය.

Read More

අද (24) රාත්‍රි 7.00 සිට ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශවලට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 70 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

වහාබි, සලෆි, ඉහ්වාන්, ISIS හා අන් නුස්රා මතවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් සිරියානු ජාතික ලෝක ප්‍රසිද්ධ මුෆ්ති සෙයික් අද්නාන් අල් අය්යුනි නැමති සුෆි මුස්ලිම් පුජකතුමාව ඩමස්කස් අගනගරයේදී ඊයේ (23දා) බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.

Read More

දියතලාව ආයූර්වේදය ආසන්නයේ ඇති මත්ස්‍ය අලෙවිසැලක දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. මේ අනුව ඔවුන්ගෙ ආශ්‍රිතයන් සොයා සෞඛය අංශ මේ වන පරීක්ෂණ පවත්වමින් පවතී.

Read More

ශ්‍රී ලංකාව තුල මේ වන විට පැතිරී යමින් පවතින කොවිඩ් 19 වෛරස් තත්ත්වය පදනම් කොටගෙන ශ්‍රී දළඳා මාළිගාව වැදපුදා ගැනිම සදහා දෛනිකව පැමිණෙන සැදහැවතුන්ගේ ආරක්ෂාව උදෙසා දළඳා වහන්සේ වැදපුදා ගැනිම සදහා පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ හැදුනුම්පත අනිවාර්‍ය කර ඇති බව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා අද (24) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

Read More

නව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිපත්තියක සිට එය ගණනකට නොගෙන කටයුතු කිරීමත්, වෛද්‍ය විද්‍යාත්මක මතයන්ට වඩා මනංකල්පිත මතයන්ට මුල්තැන දීමත් වසංගතයෙන් දරුණු ලෙස බැටකෑ බොහෝ රාජ්‍යයන්ගේ ඉරණමට හේතු විය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පොඩි ලැසි නැමැත්තාට අයත් ටී 56 ගිණි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රි මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පොඩිලැසිගේ ආච්ච්ගේ නිවස පිටුපස තිබී සෙයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව පවසයි.

Read More

ගාල්ල ධිවර වරායේ ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මේ වනවිට ඇමෙරිකානු ආරක්ෂක භටයින්, මාධ්‍යවේදීන්, සත්කාරක නිලධාරීන්, රහස් පරීක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් පසුගිය 21 දා සිට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.

Read More

මෙරට 15 වන කෝවිඩ් මරණය සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද සාක්ෂි දිම සඳහා පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

Read More

කහතුඩුව හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත වූ තලගල පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ප‍්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන විත් ගාල්ල ධිවර වරායේ බොට්ටුවල රැදි සිටින ධිවර කාර්මිකයින් ඇතුළු සියලු ධිවර කාර්මිකයින්ගේ පි.සි.ආර්. පරික්ෂණ අද (24) දින සිදුකරණ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ කෝවිඩ්19 පැතිරීම පාලනය කිරීම සදහා අවශ්‍ය කරන පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 25,000 ක් පරිත්‍යාග කිරීමට චීන රජය තිරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විවිධ අංශවලට, විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ මෙන්ම, අවිධිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ වෙත දැනට ලබාදී ඇති සහ අනාගතයේදී ලබාදිය හැකි සහාය සාකච්ඡාවට බඳුන් වෙයි.

Read More

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට ගෙන ඇති මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ස්ථිරව සිටින ලෙස උප ජනාධිපතිනිය සියලු කොලොම්බියානුවන්ගෙන් ඉල්ලා සිටියේ, ’’මේ වසංගතය යථාර්ථයක්. එය බොරුවක් නොවෙයි.’’ කියමිනි.

Read More

මීට වසර 70කට පෙර කොරියානු යුද්ධයට චීනය සම්බන්ධවීම සිහිපත් කළ, කොරියානු යුද සංවත්සර කතාව සිදුකරමින් චීන නායකයා මෙම කණේ පහර එක්සත් ජනපදය වෙත එල්ල කර ඇත.

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතාන්වරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

’’තවදුරටත් අනවශ්‍ය මරණ, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා බිඳවැටීම හා පාසල් නැවත වසා දැමීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස අපි නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එය පෙබරවාරි මාසයේ පැවසූ පරිදිම, අද මම එය යළි යළිත් කියනවා. මෙය සරඹයක් නොවෙයි.’’ WHO ප්‍රධානී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 42,075,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සිහිපත් කරයි.

Read More

ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කිරීමට හා ගැඹුරු කිරීමට චීනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන බවත් චීනය සහ ශ්‍රී ලංකාව යනු සාම්ප්‍රදායිකව මිත්‍රශීලී අසල්වැසියන් බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියෑන් දිනපතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.

Read More

මෙරට කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද 23 අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 256ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලිම මත ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය ඇඳන් 400කින් යුත් කොරෝනා රෝගින්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 5ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇත.

Read More

ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජතික බලවේගයෙන් මන්ත්‍රීවරුන් එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ඉවත් කිරීමට තිරණය කර තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.