saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7881 hours ago

LATEST

පොඩි ලැසිට ඇප

calendar_today 2020 ඔක් 16 - 17:45 remove_red_eye - 730  

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් මෙහි දෙවැනි චුදිතයා ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් දසලක්ෂය බැගින් වු ශරිරඇප 04ක් මත මුදා

යෝජිත විසිවැනි ව්‍යවස්ථා සංශෝෂනය මගින් බිහි කරන්නේ අත්තනෝමතික ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කිරීමට හැකි ජනපතිවරයෙක් හා දුබල අමාත්‍ය මණ්ඩලයක් බව බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනනන්ද, ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ජනපති ලිපියක් යොමුකරමින් පවසති.

Read More

රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් සැප්තැම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත්, මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින් ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා අද දින (16) පැවසීය.

Read More

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන 21 හා 22 දිනයන් වලදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කෙරුණා.

Read More

මෑතකදී පැවති ඉහළ පෙළේ සාකච්ඡාවලදී හඳුනාගත් සහ ක්‍රියාත්මක කළ යුතු මූල්‍ය උපකරණ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් වී තිබේ.

Read More

අද (16) වන විට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මතුගම හා වලල්ලාවිටින් හමුවු කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් පිළිබඳව කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව තවත් ආසාදිතයන් 7ක් මතුගමින් හමුව තිබේ.

Read More

මෙසේ හුදෙකලා කර ඇත්තේ වල්කොටුව, වත්තගම, කිරිවල්ලාපිටියගම, අලවත්ත. බොරලුව, පීලීකුඹූර, ඇඹූල්අඹේගම යන ගම් වේ.

Read More

මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටිය, ජීවනගම - කජුවත්ත මාර්ගය සහ කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය - මහකුඹුක්කඩවල හරහා ආඬිගම දක්වා කොටසේ සංවර්ධන වැඩ අවසන් අදියරට පැමිණෙයි.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වන රියාජ් බදුර්දීන් යළි අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම ඔක්තෝබර් මස 20 වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කරනු ලැබුවා.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සහ නිරෝධායන නිති රොගුලාසි ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් කිරිමත් සමග හැටන් නගරයේ සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සහ පදිකයින් ගමන් ගන්නා පදික වේදිකාව විෂබිජහරණයට ලක් කිරිම අද (16) දින සිදු කෙරිණ.

Read More

“පසුගිය රජය සමයේ මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ ඇති වූ වියවුල් සහගත තත්ත්වය නිසා රට අදටත් කිසියම් චකිතයකින් තමයි තිබෙන්නේ. විශේෂයෙන් ම 2015 සිට 2019 දක්වා රට තුළ ජාතික ආරක්ෂාවට ජාත්‍යන්තරයේ බලපෑම් එල්ල වුණා.

Read More

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 13 දා පෙරවරු 9.30ට පැවැති මාධ්‍ය හමුවට එක්වූ මාධ්‍යවේදියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට සැක කෙරෙ​න බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු කරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාරත්තමේන්තුව පවසයි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වී ති​​බේ. ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. මිය යන විට ඇය 73වන වියේ පසු වුණා.

Read More

මහනුවර ධර්මාශෝක මාවතේ, නිමි ඇඳුම් අලෙවිසැලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මොරටුව ප්‍රධාන ජලපොම්පාගාරයේ නළ මාර්ගයක සිදු කරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 8.00 සිට පැය 12ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

Read More

පොළොන්නරුව මහ රෝහලේ 22 වාට්‍ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද (16) අනාවරණය කර ගෙන තිබේ.

Read More

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (16දා) අලුයම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ විෂය පථය යටතේ පවතින රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය මේ වන විට තම ඉදිරි කටයුතු සැලසුම් කර ඇති අතර එහි ප්‍රථම පියවර ලෙස ශ්‍රී ලංකාවේ පාසල් හැර ගිය දරුවන්ට රොබෝ තාක්ෂණය හැදෑරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සමඟ එක්ව ‘ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණ විද්‍යා ආයතනයක්’ ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

Read More

හබරාදුව පොලීසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් නිලධාරින් 06 දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

වත්තල සෞඛය නිලධාරි කොටිඨාසයට අයත් ප‍්‍රදේශ කිපකින් කොරෝනා ආසාදිතයන් 23 දෙකෙු වාර්තා විමෙන් අනතුරුව කොට්ඨාසයේ නිවෙස් 88 ක නිවසියන් රැසක් තම තමන්ගේ නිවෙස් වලම ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පැවසිය.

Read More

මහජනතාවට අවශ්‍ය පානීය ජලය මෙන්ම ගොවිතැන් හා වෙනත් අවශ්‍යතාවලට ජලය ලබා දෙන ප්‍රධාන ජල මුලාශ්‍රයන් වන ගංගා පද්ධතිය සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් විශේෂ ව්‍යාපෘතියක් සකස් කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවම රෝගී ආසාදිත බල ප්‍ර දේශයක් ලෙස නම් කර තිබෙන්නේ. එවැනි අවස්ථාවකදී කර්මාන්ත ශාලා වෙනත් සේවා සපයන ස්ථාන රජයේ කාර්යාල පෞද්ගලික කාර්යාල යම් යම් කොන්දේසි යටතේ පවත්වාගෙන යෑමට හැකියාව පවතිනවා.

Read More

සැකසහිත කොරෝනා රෝගී කාන්තාවක් ප්‍රතිකාර ගත්තේ යයි කියමින් තාවකාලිකව ඊයේ (15 ) වසා දැමූ අම්බලන්ගොඩ පෞද්ගලික රෝහල අද (16 ) උදේ සිට යළි විවෘත කිරීමට උපදෙස් දුන් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත පුද්ගලයින් 74ක් වාර්තා වන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන ඇගලුම් සේවිකාවන් 80 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ සදහා ජෛව සාම්පල් ලබා ගැනිම ඊයේ (15) දින සිදුකළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.