විෂ ශරීරගතව ප්‍රතිකාර ලැබූ රුසියානු විපක්ෂ නායකයා රටට පැමිණි විගස රඳවා ගනී
රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මොස්කව් නුවරට ළඟාවූ විගස එරට පොලීසිය විසින් ඔහු රඳවා ගනු තිබේ. විෂ ශරීරගත කරවීමක් හේතුවෙන් මාස 5කට වැඩි කාලයක් ජර්මනියේ ප්‍රතිකාර ලබා යළි සිය රටට පැමිණි ඔහු මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පැහැදිලි කිරීමකින් තොරව පොලිස් නිලධාරීන් විසින් නවාල්නි රැගෙන ගොස් ඇති බව ඔහුගේ ප්‍රකාශක කිරා යර්මිෂ් සඳහන් කළේය. ඔහුගේ නීතීඥවරියද බර්ලිනයේ සිට ගුවනින් ඔහු සමග පැමිණ ඇති නමුත්, විපක්ෂ නායකවරයා සමග යාමට ඉඩ නොදුන් බව ඇය කීවා ය.
මොස්කව්හි ෂෙරෙමෙටීවෝ ගුවන් තොටුපලේ සිටි අඳුරු නිල ඇඳුමින් සැරසුණු සහ මුඛ ආවරණ පැලඳි නිලධාරීන් සමග මොහොතක් කතා කරමින් සිටි නවාල්නි, පසුව ඔවුන් සමග පිටත්ව යාමට පෙර ඔහුගේ බිරිඳ යුලියා සිප ගත්තේය.
"පසුගිය මාස පහ තුළ හොඳම දිනය මෙයයි" නවාල්නි අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ගුවන්තොටුපලේ මාධ්‍යවේදීන්ට පැවසීය. "හැමෝම මගෙන් අහනවා මම බයද කියලා. මම බය නැහැ." ඔහු පැවසීය. "මම දන්නවා මම පිටව ගොස් නැවත ගෙදර යන බව. මම නිවැරදියි."



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

