saravita-anim2

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

Latest News - timelapse 8167 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 24ක සීමාවට පැමිණේ

calendar_today 2021 පෙබ 14 - 05:51 remove_red_eye - 190  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 108,450,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

අද (13) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිත තවත් 428 දෙනෙකු අද (13) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 847 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (13) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

තලාතුඔය පොලිස් වසමේ කොරොනා වෛරසය හේතුවෙන් නිරෝධායනය කර ඇති නිවසක සිටි තරුණියකට අයුතු බලපෑම් සිදු කල බව කියන වයස 53 හැවිරිදි පොලිස් නිලධාරියකුගේ සේවය වහාම අත්හිටුවිමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ විසින් කටයුතු කර තිබේ.

Read More

මෙරට දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Read More

ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.13 දින පෙරවරුවේ පැවැත්විණි.

Read More

පස්බාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය වෙස්ට්හොල් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් 06 දෙනෙකුට සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (13) දින තහවුරු වු බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සින්ඩ්‍රි මොහන් මහතා පැවසිය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 22 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1046 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින පහක අගුලු දැමීම ආරම්භ කිරීමත් සමග වික්ටෝරියා බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානා අත්හිටුවා ඇති බව මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසයි.

Read More
අද කාලගුණය
13 02 2021 08:18:00
0 171

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (13) දිනයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉතාලිය ඊයේ නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යයනයකට අනුව එරට කොරෝනා වෛරස ආසාදන පහෙන් එකක් පමණ එක්සත් රාජධානියේ ප්‍රභේදයට අයත් වේ.

Read More

මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව වසර ගණනාවක් පැවතිය යුතු බව තමා නොසිතුවත්, ප්‍රජාව තුළ වෛරස් මට්ටම අඩුවන තුරු එය සිදුකළ යුතු බව වෛද්‍ය ෆවුසි අවධාරණය කළේය. ’’මම හිතන්නේ අපි අනාගතයේ තවත් මාස කිහිපයක් මුඛ ආවරණ පැලඳ සිටිය යුතු වෙනවා.’’

Read More

එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, රුසියාව සහ ජපානය ඇතුළු රටවල් 170කට අධික සංඛ්‍යාවක බිලියන 1.27ක රූපවාහිනී සහ නව මාධ්‍ය වේදිකාවන්හි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සමග චීනයේ චන්ද්‍ර අලුත් අවුරුදු උදාව පිළිගත් වසන්ත සැණකෙළිය විකාශය වී ඇත.

Read More

පාකිස්තානය විසින් එරට තුළ හදිසි භාවිතය සඳහා චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් විසින් නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නත අනුමත කර තිබේ.

Read More

මෙම එන්නත සඳහා විධිමත් අනුමැතිය, ජපාන සෞඛ්‍ය අමාත්‍ය නොරිහිසා තමුරා විසින් ඉරිදා නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ඇති බව කියැවෙයි.

Read More

රථ වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි ගෙවුම් ශේෂය හැඩගැසී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

Read More

මේ සමගම චීනයේ කොවිඩ්-19 එන්නත භාවිත කළ යුරෝපා සංගමයට අයත් ප්‍රථම රට හංගේරියාව වනු ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 108,148,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 384ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කුසල් මෙන්ඩිස් (පුද්ගලික කාරණාවක්), ළහිරු තිරිමාන්න (කොරෝනා ආසාදිත), ධනංජයද සිල්වා (ආබාධයකින් අනතුරුව සුවය ලබමින්), අවිශ්ක ප්‍රනාන්දු (ආබාධ) යන ක්‍රීඩකයන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 408 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 72ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (12) පෙරවරු 6.00 වන විට 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 528 දෙනෙකු අද හඳුනාගෙන ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 773 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

දිවයිනේ සියලුම පිරිවෙන් සහ බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු පෙබරවාරි මස 15 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රුපියල් කෝටි 5200 කට ආසන්න බැඳුම්කර වංචා කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.

Read More

බදුල්ල දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර සියයක් පිරෙන 2021 මෙම වසරේදි සංස්කෘතික අමාත්‍යාංශය සමග එක්ව පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පැවසීය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ‘මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ’ 12 වැනි ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

Read More

මෙම බලාගාරය මගින් දෛනිකව කසල ටොන් 700 ක් යොදා ගනිමින් මෙගාවොට් 10 ක් නිපදවීමට සැලසුම් කර ඇති අතර ප්‍රදේශයේ ඉවතලන කසල එක්රැස් කර එමගින් මෙම බලාගාරය ක්‍රියාත්මක කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.