saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7619 hours ago

LATEST

නත්තල් දිනයේදි බන්ධනාගාර රැදවියන් බැලිම තහනම් කෙරේ

calendar_today 2020 දෙසැ 18 - 21:39 remove_red_eye - 146  

බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්ට හෝ හිත මිතුරන්ට, මෙවර නත්තල් දිනයේදී බන්ධනාගාර වෙත ගොස් රැඳවියන් මුණ ගැසීමට අවස්ථාව නොලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.

Read More

අද (18) දින තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් දෙසැම්බර් 18 වනදා දක්වා වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් මෙම වර්ෂයේ තෙවැනි වාර අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනි දින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි. ඒ අනුව දෙසැම්බර් 21, 22 සහ 23 දින තුනේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 26ක් වසා තැබෙනු ඇත.

Read More

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පිහිටි කුමාරිමුල්ල නැමැති ග්‍රාම නිලධාරී වසම තුළ කොරෝනා වෛරසය අසාමාන්‍ය ලෙස ව්‍යාප්ත වන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් , මෙම ප්‍රදේශය හුදෙකලා කරන ලෙස ගම්පහ දිසාපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් වෙත ඉල්ලීමක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය .

Read More

කිතුල් මැදීමේදී බලපාන ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයා පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කළේය.

Read More

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් (18) දා සවස සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි.

Read More

ගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක සංචරණ සිමා ලිහිල් කිරිමටත් අනික් ග්‍රාම නිලධාරි වසම් 03තුන තුල දැඩි සංචරණ සිමා පැනවිමට අද (18) පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව මගින් තින්දු කළ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග පවසයි.

Read More

එල්.ඕ.එල්.සී. සමාගමට අනුබද්ධ බ්‍රවුන්ස් ආයෝජන සමාගම හා චීනයේ චයිනා වරාය හා ඉංජිනේරු සමාගම අතර මෙම ගිවිසුමට අත්සන් තැබීය.

Read More

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂය විසින් පත්කර ඇ​ත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙකු අද (18) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15ක් දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

2019දී හිටපු ජනපතිවරයා ජනපති ලේකම් කාර්යාලට රුපියල් බිලියන 3.2ක් වැය කර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැය කර ඇත්තේ රුපියල් බිලියන 1.2ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහ සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ගමන් ගන්නා වූ ජනතාවගෙන් කොවිඩ් - 19 අහඹූ නියැදියන් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද දින (18) සිට සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

Read More

(LONG READS)ඉදිරි උත්සව සමය තුළ කෝවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින්, ජනතාව තම සංචරණයන් සීමා කරමින් රෝග පාලනයට සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට කෝව්ඩි තත්ත්වය සහ ඉදිරි උත්සව සමය පිළිබඳ එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

දකුණු ආසියාවේ විශාලම මාංශ කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට මෙරට මහ සංඝරත්නය ඉඩ නොදෙන බව ජාතික විද්වත් සංඝ සභාව පවසයි.

Read More

(LONG READS)මෙරට ගුවන් විදුලිය ආරම්භයේ අපරදිග සංගීතය පමණක් ප්‍රචාරය කෙරිණි. සිංහල දෙමළ ආදී පෙරදිග සංගීතය ඊට එකතුවන්නේ කාලයකට පසුය. වෙනත් භාෂාවන්ගෙන් සම්පාදිත තැටි විදේශයන්ගෙන් මිලදී ගත හැකි විය. එහෙත් සිංහල ගිත තැටි ලබාගත හැකි වූයේ මෙරට තැටි නිෂ්පාදන ආයතනයන්ගෙන් පමණි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද 18 ( පෙ.ව. 6.00) 728 දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු 12/18 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 04 කින් පැමිණ තිබූ අතර , මෙම කාළය තුළ ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 07 කින් ශ්‍රී ලාංකිකයන් 774 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබුණි .

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද 18 අලුතින් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිකයින්ගේ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

ලිංගික අතවර සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු කළුතර උතුර පොලිස් සිරමැදිරිය තුළට දැමීමට කටයුතු කිරීමේදී එම සැකකාර පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයෙකුට එකවර ඊට විරෝධය පළකර ,පහරදීමක් සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු (17) දා පැවසීය.

Read More

මියගිය කාන්තාව පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් බවද වාර්තාවේ. එම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නැත.

Read More

අධික වේගයෙන් රිය ධාවනය කරන, බීමත්ව රිය පදවන පුද්ගලයින්, මාර්ග සංඥා නොතකමින් රිය ධාවනය කරන අය හා විවිධ අංගෝපාංග සහිතව ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීම අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් අරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ලැබු රෝගින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (17) රාත්‍රියේ දි තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

බටහිර පැසිෆික් කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ බබතුන්ඩේ ඔලූකුරේ කියා සිටියේ ජාත්‍යන්තර කණ්ඩායම සහ ඔවුන් සංචාරය කරන ස්ථාන පිළිබඳව චීනය සමග සාකච්ඡා කරමින් සිටින බවය.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 1,092ක් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා වූ අතර එය සැප්තැම්බර් මස මුල සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ස්වයං නිරෝධායනයට ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් යොමුවූ පළමු වැනි අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහුගේ බිරිඳ බෙගෝනා ගෝමස් මාර්තු මාසයේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවද ඔහු නිරෝධායනයට යොමුවිය.

Read More

සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ සිට පොකුරු සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ මෙම ආසාදනයේ මූලාශ්‍රය විදේශයන්ගෙන් පැමිණි එකක් බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.