බැල්ලපිටිය ඇගළුම් කම්හලේ කොරෝනා ආසාදිතයින් ගණන 24ක් දක්වා ඉහළට
මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි ඇ`ගලුම් කර්මාන්ත ශාලාවක පසුගියදා සිදුකරන ලද පිසීආර් පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව තවත්ආසාදිතයින් 11 දෙනෙකු හමුවීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ ප්රත්ිඑල මත මීට ඉහත අවස්ථා දෙකකදී සේවකයින් 13 දෙනෙකු ආසාදිත බව තහවුරු වී තිබුණි.
මේ වනවිට කර්මාන්ත ශාලාවේ සේවකයින් 170 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කරඇති බවත් 365 දෙනෙකු පමණ සේවය කරන මෙම කර්මාන්ත ශාලාව සෞඛ්යාරක්ෂීත ක්‍රමවේද අනුගමනය කරමින් සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
අගුරුවාතොට - මංගල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

