saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7606 hours ago

LATEST

තවත් කොවිඩ් ආසාදිතයන් 218ක්

calendar_today 2020 දෙසැ 21 - 22:20 remove_red_eye - 212  

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදිතයන් 218ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 364කි.

මෙම මෙහෙයුමේ බලාපොරොත්තුව ජනතාව දඩ අය කිරීම හෝ අත්අඩංගුවට ගැනීම නොවෙයි. මෙමෙ මෙහෙයුම් සිදුකරන්නේ මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීමටයි. කිසිම අවස්ථාවක වේගයෙන් හෝ බීමත්ව රිය පදවන්න එපා.

Read More

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අධිවේගී මාර්ග හරහා කොළඹින් පිටත්වන පුද්ගලයින් අතරින් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සදහා සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

Read More

ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඇති කරන්න ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් ගෙන යනවා. ලබන වසර වන විට තුළ ලංකාවේ සියලු දෙනාටම නිවෙසේ සිට භාවිතා කිරීමට අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.

Read More

කොවිඩ් ආසාදනයයෙන් මියයන මුස්ලි ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොකර ඔවුන්ගේ ආගමානුකූලව භූමිදානය කිරිමට ඉඩදෙන ලෙස ශ්‍රී ලංකා රජයට බලකිරිමේ සාමකාමී විරෝධතාවක් අද (21දා) දහවල් ඉතාලියේ මිලාන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය ඉදිරිපිටදි පැවැවිණ.

Read More

මීගොඩ ප්‍රදේශය පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයකට රාත්‍රී කාලයේ ඇතුළු වී එහි සේප්පුවක් කඩා රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා මුදල් සොරාගත් දෙදෙනෙකු 21 දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත (දකුණ) අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වැසි සහිත කාලගුණික තත්ත්වයන් යටතේ, නිතර සිදුවන දෛනික විදුලි බිදවැටීම් හැකිතාක් අවම කරමින්, විදුලි සැපයුම් යතා තත්ත්වයට පත් කිරීමටත්, අඛණ්ඩ හා ගුණාත්මක විදුලි සේවාවක් ලබාදීම සඳහාත් දීපව්‍යාප්ත විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බැවින්, විදුලි පාරිභෝගික පහසුව මුල් තැන්හිලා සලකමින් ක්‍රියා කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල නිලධාරීන්ට උපදෙස් ලබාදෙයි.

Read More

කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගාරාශ්රිවතව හමුවිම නිසා නගර සිමාවේ ඇති වෙළදසැල් අද (21) සිට දින 3 ක් වසා දැමිමට තිරණය කල බව ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමයේ සභාපති එම් එස් එම් සිල්වා මහතා පවසයි.

Read More

විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවනු ලබන විදේශ මුදල් (ප්‍රේෂණ), එම සේවා නියුක්තිකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් දෙක (රු.2.00) ක දිරිදීමනාවක් ගෙවීමට රජය විසින් 2021 අයවැය මඟින් යෝජනා කරන ලදී.

Read More

කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට මේ දිනවල සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව යුද හමුදව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 415ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 28,682ක් වේ.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 415ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1289 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකුගේ නහය කැඩෙන සේ පහරදී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ .

Read More

අගෝස්තු මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ රැකියා විරහිත උපාධිධාරී පත්වීම් 10000 තවමත් ප්‍රමාද වීම නිසා මුල් වටයෙන්ද එකම සුදුසුකම් තිබී නම් ප්‍රතික්ෂේප වූ රැකියා විරහිත උපාධිධාරීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඒකාබද්ෂ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ආගරපතන ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් අද (21) පියවර ගනු ලැබීය.

Read More

LONG READS (දෙසැම්බර්-21- සඳුදා සිට 27 ඉරිදා) මෙම සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.

Read More

(LONG READS)ඇඟිලි සලකුණු වලින් මනුෂ්‍යයෙකුගේ ජීවන රටා, ලෙඩ රෝග, ඇබ්බැහිවීම් ආදිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අත්ල සලකුණු විශේෂිත තීන්ත වර්ගයක් යොදා සටහන් කරගත යුතුය. එසේම සාස්තරකරුවන්ට මෙන් ක්ෂණිකව දේවල් ප්‍රකාශ කිරීමට මෙම ශාස්ත්‍රයේදී අපහසුය.

Read More

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල්වල ප්‍රාථමික අංශය හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි. අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

Read More

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර 20 රාත්‍රි වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .

Read More

බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

Read More

තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ (20) හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන තාවකාලිකව වසා දමා තිබු නොර්වුඩ් දමිල මහා විද්‍යාලය අද දින යලිත් විවෘත කරනු ලැබුහ.

Read More

සමරූපී වනාන්තර හෙවත් Analogue Forest ක්‍රමය මෙරටට හරිත උදය පදනම විසින් හඳුන්වා දී තිබේ. ඒ අනුව එම සංවිධානය විසින් බණ්ඩාරවෙළ මිරහවත්ත අක්කර 05ක පමණ ප්‍රදේශයක නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සමරූපී වනාන්තරය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20) එහි ගියේය.

Read More

මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසරක පාලන කාලයෙන් පසු ’ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කළත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

Read More

මොඩෙර්නා එන්නත ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය සෙල්සියස් අංශක සෘණ 80ක තරම් අධි සීතලක තැන්පත් කළ යුතු නොවීමද මොඩෙර්නා එන්නත බෙදාහැරීම සඳහා වැඩි පහසුවක් සලසනු ඇති බව කියයි.

Read More

එක්සත් ජනපද එන්නත් බෙදාහැරීමේ වැඩසටහන වන ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් ප්‍රධානී පවසන්නේ, මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 හි නව ප්‍රභේදයට දැනට පවතින එන්නත්ම ඵලදායී වනු ඇති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.