saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 7598 hours ago

LATEST

කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය කටයුතු වලින් වෛද්‍යවරු ඉවත්වෙති

calendar_today 2020 දෙසැ 23 - 13:06 remove_red_eye - 3256  

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති.

(LONG READS)රෝයල් එන්ෆීල්ඩය සැබවින්ම ජවාධික ලෝමුවා තුරඟෙකි. නමුත් එන්ෆීල්ඩයක නැගී සැරිසරක යෙදෙන්නෙකුට නිරායාසයෙන්ම හැඟී යනු ඇත්තේ, එන්ෆීල්ඩය අරා ධාවනය කිරීමේ සැබෑ සන්තුෂ්ටිය පැමිණෙන්නේ වේගය මතින් නොවන බවයි. එන්ෆීල්ඩය ධාවනය ආහ්ලාදයක් වන්නේ, ගැඹුරු, පහත් ගිගුරුම් හඬක් දෙමින් මෙම යන්ත්‍රය මඳ වේගයකින් ධාවනය කරන විටයි. කොළඹ සිට රිවස්ටන් බලා යන අපි, එම ආහ්ලාදය විඳිමින් පසුවෙමු.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 23 වනදා පෙරවරුව දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 1345 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හත තුළින් හුදෙකලා කරන ලද මාසයක් පමණ කාලයක් තුළදී කොරෝනා වෛරසය ආසාදිතයන් 981 දෙනකු (23) දින වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍යය සෞඛ්‍යය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් .යු .මධුෂාන් මහතා පැවසීය

Read More

ආණ්ඩුව පත්වූයේ ජනතා අවශ්‍යතාවයන් ඉටුකිරීමට බවත් ජනතා අවශ්‍යතා ඉටුකල නොහැකි නම් ආණ්ඩුවේ ඉඳිමෙන් ඵලක් නැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ දේශපාලඥයන් මෙන්ම රජයේ නිලධාරීන් ද යැපෙන්නේ ජනතා මුදලින් බවයි. ඒ නිසා ලැබෙන වැටුපට සාධාරණය ඉටුකිරීම සියලු දෙනාගේ වගකීම බවද ඇමතිවරයා අවධාරණය කරයි.

Read More

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ ඊයේ දින සවස වනවිට හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 212ක් බවත්, පවුල් 66ක පුද්ගලයින් 250 දෙනෙකු මෙි වනවිට නිරෝධායනය වෙමින් පවතින බවත් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලනමහජන සෞඛ්‍ය පරීක්‍ෂක එල්.පී.එල්. ප‍්‍රියන්ත මහතා පවසයි.

Read More

තංගල්ල නගර සභාවේ සභාපතිවරයා 2021 වර්ෂයට අදාළ අයවැය ලේඛණය ඉදිරිපත් කිරිමේදී නගරසභා අඥාපනත හා උප නීති උල්ලංඝණය කොට ඇති බවට අනාවරණය වී ඇති හෙයින් අයවැය ලේඛනය නැවත වතාවක් සභාව වෙත ඉදිරිපත්කොට සම්මත කරගන්නා ලෙස තංගල්ල නගර සභාවේ සභාපතිවරයාට දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා විසින් නියෝග කොට තිබේ.

Read More

විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277ක් ගුවන් යානා 12 කින් පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 909 දෙනෙකු ගුවන් යානා 14 කින් විදේශ රටවල් වෙත පිටත්ව ගොස් ඇති බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714ක් දක්වා ඉහළ ගොස් ඇතැයිදකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

’’නමුත් අවශ්‍ය නම් මේ නව තාක්ෂණයේ විශේෂත්වය අනුව, මෙම නව විකෘතිය, නව ප්‍රභේදය මුළුමනින්ම අනුකරණය කරන එන්නතක් අපට සෘජුවම ලබාදීමට පුළුවන්.’’ බයෝඑන්ටෙක් හි සම-නිර්මාතෘ උගුර් සහින්

Read More

’’මේ වෛරසයෙන් බේරීමට මුඛ ආවරණයක් නිසැකවම උපකාරී වෙනවා. නමුත් ජනතාව එකිනෙකාට ඉතා සමීප නම්, වෛරසය පැතිරීමට හෝ බෝවීමට තවමත් අවස්ථාවක් තිබෙනවා’’ යැයි නිව් මෙක්සිකෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක සහ අධ්‍යයන කතුවරිය වන ක්‍රිෂ්ණා කෝටා පවසයි. ’’ඒ නිසා වෛරසය පාලනයට මුඛ ආවරණයක් පමණක් නොවෙයි, දුරස්ථබව කියන දෙකම අවශ්‍යයයි.’’

Read More

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි මහාචාර්ය නීල් ෆර්ගියුසන් සඳහන් කළේ මෙම ප්‍රභේදය කලින් ඇති වූ වෛරසයේ විකෘති වීම් සමග සසඳන විට ළමයින්ට ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවට ඉඟි කරන බවය. කෙසේ වෙතත් ඒ පිළිබඳව කිසිදු ආකාරයක සාධකයක් තහවුරු කර නොමැති නමුත් දත්තවලින් එය දැකිය හැකි බව ඔහු පැවසීය.

Read More

ඉදිරි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක ලෙස කටයුතු කිරීමට සිටින වෛද්‍ය ෆවුසි කියා සිටියේ, දැන් රට පුරා ලබාදෙන එන්නත් දෙක පිළිබඳව තමාට විශ්වාසයක් ඇති බවය.

Read More

දෙසැම්බර් 8 සිට 12 දක්වා කාලය තුළ විදේශීය ගුවන් නියමුවෙකු සමග සම්බන්ධතා පැවැත්වීමෙන් 30 හැවිරිදි කාන්තාවක් මෙසේ ආසාදනය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,714,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ

Read More

අද (22) තවත් කොවිඩ් ආසාදිතයින් 167ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

බේරුවල පොලිස් වසම තුළ කොවිඩ් 19 දෙවෙනි රැල්ල තුලින් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 138 දෙනෙකු අද (22) දින වන විට වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 52 දෙදෙනකු රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් ,ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද බේරුවල පොලීසියේ කොවිඩ් 19 වාර්තා අනුව සදහන් කරයි .

Read More

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 260 දෙනෙක් හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 37,891ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දිනෙන් දින කොරෝනා වෛරසය ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

බස්නාහිර පළාතේ පිටව යන පුද්ගලයන් සඳහා හෙට 23 සිට අධිවේගී මාර්ගයේ ඇතුලු ස්ථාන 11 කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

Read More

කුඩා ළමුන් අලෙවි කිරිමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු සැකපිට මාතලේ උකුවෙලදි 21දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවය කරන සේවකයින් 47 දෙනෙකුට 12/22 දින වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය

Read More

පසු අස්වනු හානිය අවම කරමින් ප්‍රවාහනය සුරක්ෂිත ඇසුරුම්වල බවත්, සිල්ලර ලාභය කිලෝවකින් රුපියල් 20ක් හා තෙග කිලොවකින් රුපියල් 10ක් පමණක් බවත් අමාත්‍යාංශය පවසයි.

Read More

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා හෘද වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි හේමාස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 05 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

Read More

මේ දිනවල එක්සත් රාජධානියේ පැතිර යන කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට මෙරටට මගීන් පැමිණීම අද (22) සිට තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භයේ සිට අද (22) දින හඳුනා ගනු ලැබු නව කොවිඩ් රෝගීන් 16 දෙනාත් සමඟ මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 363ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.