මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව (19) පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති සහ සෙනසුරු මේ දින වල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකියහැකි වනු ඇත.
Read Moreමහර බන්ධනාගාර නිලධාරීන් විසින් පරිහනය කරන ලද බවට වාර්තා වී ඇති ගිනි අවි 53ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඋපරිමාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreකොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreඅද සිට දිවයිනටම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවද මේ වනවිට WHO වෙතින් එන්නත් ඉල්ලා ඇති අතර, බොහෝවිට එයද ලබන වසර මුල් භාගයේ ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. කෙසේ වෙතත් සියලුම බෙදාහැරීම්, එන්නත් නියාමන අනුමත කිරීම් සහ අදාළ රටෙහි සූදානම වැනි සාධක කිහිපයක් මත අඛණ්ඩව රඳා පවතිනු ඇති බව WHO කියයි.
Read Moreවසංගතයේ දෙවැනි රැල්ලට මුහුණ දීමේදී සාමාජික රටවල් අතර එක්සත්කම පිළිබිඹු කරමින්, සාමාජික රටවල් 27ම එදිනම එන්නත් කිරීම ආරම්භ කරනු ඇති බවද යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සඳහන් කළාය.
Read Moreදකුණු කේරළ ප්‍රාන්තය සති අන්තයේ නිවේදනය කළේ ප්‍රාන්තයේ සියලු ජනතාවටම කොවිඩ්-19 එන්නත නොමිලේ ලබාදෙන බවත් එන්නත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බවත්ය.
Read Moreසිකුරාදා වනවිට තහවුරු කරන ලද කොවිඩ් -19 සිද්ධීන් 28 ක් සහිත පොකුර, දෙසැම්බර් 3න් පසු නිව් සවුත් වේල්ස් හි දේශීයව සම්ප්‍රේෂණය වූ පළමු කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් ලෙස සලකුණු විය.
Read Moreඅගමැති ගුසෙප් කොන්ටේ නිවේදනය කළේ දෙසැම්බර් 24 සිට දෙසැම්බර් 27දා දක්වා කාලය තුළත්, දෙසැම්බර් 31 සහ ජනවාරි 1 සිට 6 දක්වා දිනවලත් තුළ මුළු රටම වෛරස් රතු කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවය.
Read Moreමේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ජනතාව වෙත ලබාදීම අරඹා ඇති එක්සත් ජනපදය තුළ එම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන ආකාරය මෙසේය.
Read Moreඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) සිය නිවේදනය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කළේ ඊට පෙර දින FDA එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුවේ නිර්දේශය සලකා බැලීමෙන් අනතුරුවය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්යාපව 75,500,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 32000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම පොකුරුවලින් ආසාදිතයන් 660ක් හඳුනාගැනීමත් සමගිනි.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 284ක් අද (18) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreබන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්ට හෝ හිත මිතුරන්ට, මෙවර නත්තල් දිනයේදී බන්ධනාගාර වෙත ගොස් රැඳවියන් මුණ ගැසීමට අවස්ථාව නොලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
Read Moreඅද (18) දින තවත් කොරෝනා ආසාදිතයින් 376 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් දෙසැම්බර් 18 වනදා දක්වා වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් මෙම වර්ෂයේ තෙවැනි වාර අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනි දින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි. ඒ අනුව දෙසැම්බර් 21, 22 සහ 23 දින තුනේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 26ක් වසා තැබෙනු ඇත.
Read Moreදොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පිහිටි කුමාරිමුල්ල නැමැති ග්‍රාම නිලධාරී වසම තුළ කොරෝනා වෛරසය අසාමාන්‍ය ලෙස ව්‍යාප්ත වන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් , මෙම ප්‍රදේශය හුදෙකලා කරන ලෙස ගම්පහ දිසාපතිවරයා සහ ආරක්ෂක ප්‍රධානීන් වෙත ඉල්ලීමක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය .
Read Moreකිතුල් මැදීමේදී බලපාන ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයා පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිවරයා නියෝග කළේය.
Read Moreපොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් (18) දා සවස සංචාරණ සීමා පැනවීමට පොල්ගහවෙල පොලීසිය කටයුතු කෙරිණි.
Read Moreගාල්ල කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක සංචරණ සිමා ලිහිල් කිරිමටත් අනික් ග්‍රාම නිලධාරි වසම් 03තුන තුල දැඩි සංචරණ සිමා පැනවිමට අද (18) පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව මගින් තින්දු කළ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග පවසයි.
Read Moreඑල්.ඕ.එල්.සී. සමාගමට අනුබද්ධ බ්‍රවුන්ස් ආයෝජන සමාගම හා චීනයේ චයිනා වරාය හා ඉංජිනේරු සමාගම අතර මෙම ගිවිසුමට අත්සන් තැබීය.
Read Moreඅපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ව එම පක්ෂය විසින් පත්කර ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙකු අද (18) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15ක් දක්වා ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read More2019දී හිටපු ජනපතිවරයා ජනපති ලේකම් කාර්යාලට රුපියල් බිලියන 3.2ක් වැය කර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැය කර ඇත්තේ රුපියල් බිලියන 1.2ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහ සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ගමන් ගන්නා වූ ජනතාවගෙන් කොවිඩ් - 19 අහඹූ නියැදියන් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද දින (18) සිට සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
Read More