කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටී 75 හැවිරිදි කාන්තාවක මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ මියගිය කාන්තාව කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කොට තිබේ .
කොවිඩ් නිව්මෝනියාව ඇතුළු රෝගී තත්ත්වයන් කිහිපයක් ඇයගේ මරණයට හේතුව වශයෙන් දක්වා තිබේ .