කෑගල්ල බන්ධනාගාරයේ රැදවියන් 64 දෙනකුට කොවිඩ්
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ 14 දා වාර්තා වු කොවිඩ් වෛරසය අසාදිතරැදවියන් 23දෙනා සමග මේ මස තුල 64 දෙනකු සහ නිලධාරින් ඵක් අයකු හට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා ලැබි ඇති බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඵන් අතුකෝරල මහතා අද පැවසීය.
පසුගිය දින හතරක කාලය තුල විටින් විට සිදුකල පී සී ආර් පරික්ෂණවලින් අනතුරුව මෙම රෝගින් හදුනාගෙන ඇත.
අසාදිත රෝගින් කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර ඵ්කකය සහ වැලිකඩ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
අසාදිත රෝගින් කෑගල්ල සහ කුරුණැගල ප්‍රදේශවල පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කය තුල කොවිඩිඅසාදිත රෝගින් 3443 දෙනකු හදුනාගෙන ඇති බවත් වයිරසය අසාදනය වී සුව වු ගණන 2894ක් බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා අප කල විමසීමකදි පැවසීය.
රඹුක්කන නයෝමි දිල්රුක්ෂි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

