saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7597 hours ago

LATEST

2019 දී ජනපති ලේකම් කාර්යාල වියදම රු බි 3.2 යි ගෝඨාභය ජනපතිගේ රු බි 1.2යි

calendar_today 2020 දෙසැ 18 - 13:45 remove_red_eye - 1719  

2019දී හිටපු ජනපතිවරයා ජනපති ලේකම් කාර්යාලට රුපියල් බිලියන 3.2ක් වැය කර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැය කර ඇත්තේ රුපියල් බිලියන 1.2ක් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහ සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ගමන් ගන්නා වූ ජනතාවගෙන් කොවිඩ් - 19 අහඹූ නියැදියන් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද දින (18) සිට සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

Read More

(LONG READS)ඉදිරි උත්සව සමය තුළ කෝවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනයක් විය හැකි බැවින්, ජනතාව තම සංචරණයන් සීමා කරමින් රෝග පාලනයට සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට කෝව්ඩි තත්ත්වය සහ ඉදිරි උත්සව සමය පිළිබඳ එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

දකුණු ආසියාවේ විශාලම මාංශ කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට මෙරට මහ සංඝරත්නය ඉඩ නොදෙන බව ජාතික විද්වත් සංඝ සභාව පවසයි.

Read More

(LONG READS)මෙරට ගුවන් විදුලිය ආරම්භයේ අපරදිග සංගීතය පමණක් ප්‍රචාරය කෙරිණි. සිංහල දෙමළ ආදී පෙරදිග සංගීතය ඊට එකතුවන්නේ කාලයකට පසුය. වෙනත් භාෂාවන්ගෙන් සම්පාදිත තැටි විදේශයන්ගෙන් මිලදී ගත හැකි විය. එහෙත් සිංහල ගිත තැටි ලබාගත හැකි වූයේ මෙරට තැටි නිෂ්පාදන ආයතනයන්ගෙන් පමණි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද 18 ( පෙ.ව. 6.00) 728 දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු 12/18 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 04 කින් පැමිණ තිබූ අතර , මෙම කාළය තුළ ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 07 කින් ශ්‍රී ලාංකිකයන් 774 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබුණි .

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද 18 අලුතින් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින් වාර්තා වී ඇති මුළු ආසාදිකයින්ගේ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

Read More

ලිංගික අතවර සිද්ධියකට සම්බන්ධ සැකකරුවකු කළුතර උතුර පොලිස් සිරමැදිරිය තුළට දැමීමට කටයුතු කිරීමේදී එම සැකකාර පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයෙකුට එකවර ඊට විරෝධය පළකර ,පහරදීමක් සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු (17) දා පැවසීය.

Read More

මියගිය කාන්තාව පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් බවද වාර්තාවේ. එම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නැත.

Read More

අධික වේගයෙන් රිය ධාවනය කරන, බීමත්ව රිය පදවන පුද්ගලයින්, මාර්ග සංඥා නොතකමින් රිය ධාවනය කරන අය හා විවිධ අංගෝපාංග සහිතව ධාවනය කරන වාහන අත්අඩංගුවට ගැනීම අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් අරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ නේවාසික ප්‍රථිකාර ලැබු රෝගින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (17) රාත්‍රියේ දි තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

බටහිර පැසිෆික් කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය හදිසි අවස්ථා අධ්‍යක්ෂ බබතුන්ඩේ ඔලූකුරේ කියා සිටියේ ජාත්‍යන්තර කණ්ඩායම සහ ඔවුන් සංචාරය කරන ස්ථාන පිළිබඳව චීනය සමග සාකච්ඡා කරමින් සිටින බවය.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 1,092ක් ගෙවීගිය බ්‍රහස්පතින්දා දිනයේ වාර්තා වූ අතර එය සැප්තැම්බර් මස මුල සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන මරණ සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ස්වයං නිරෝධායනයට ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් යොමුවූ පළමු වැනි අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහුගේ බිරිඳ බෙගෝනා ගෝමස් මාර්තු මාසයේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවද ඔහු නිරෝධායනයට යොමුවිය.

Read More

සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ සිට පොකුරු සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ මෙම ආසාදනයේ මූලාශ්‍රය විදේශයන්ගෙන් පැමිණි එකක් බවය.

Read More

උප ජනාධිපති මයික් පෙන්ස් සහ දෙවැනි ආර්යාව කැරන් පෙන්ස්, මෙම එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමටත්, ඇමෙරිකානු ජනතාව අතර එන්නත ලබාගැනීම කෙරෙහි විශ්වාසය ගොඩනැගීම සඳහා කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ ලබාගන්නා බව ධවල මන්දිරය කියයි.

Read More

’’දත්ත අතර නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ද ඇතුළත් වූ අතර එය සැබවින්ම වැදගත් වූවක්’’ හිල්ඩ්‍රෙත් පැවසීය. ’’වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් පිළිබඳ දත්තද ඔවුන් සතුව තිබෙනවා.’’ FDA උපදේශක කමිටු සාමාජික වෛද්‍ය ජේම්ස් හිල්ඩ්‍රෙත් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,660,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

පරිභෝජනයට නුසුදුසු පැවතිය යුතු ආසනික් ප්‍රතිශතය ඉක්මවා අඩංගු ටින් මාලු බහාලුම් තොගයක් යළිත් චීනය වෙත ප්‍රතිඅපනයනය කර තිබේ.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 31000 ඉක්මවා තිබේ.

Read More

අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් දේශීය කර්මාන්තයන්ට මුල්තැන දීමේ අරමුණූ පෙරදැරිව, විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍යවන්නා වූ උපාංගයන් දේශීයව නිපදවිමේ හැකියාව පිළිබඳව සොයා බැලේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 312 දෙනෙකු අද (17) දිනයේදී හඳුනාගෙන තිබේ.

Read More

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රී ලංකා කේටරින් මෙහෙයුම් අංශයේ සේවය කරන සේවකයින් 08 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 12/17 දින ප්‍රකාශ කර සිටී.

Read More

කොවිඩ් -19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 701 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් 19- මර්දන වැඩපිළිවෙළ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව යුරෝපා සංගමය (European Union) විසින් යුරෝ මිලියන 02 ක (රු.මිලියන 457 ) ප්‍රදානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත භාර දෙන ලදී.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලැබු රෝගියකු ළග සාත්තුවට සිටි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු 56 වාට්ටුවට අලුත් රෝගින් ඇතුලත් කරගැනිම තාවකාලිකව නතරකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිශානි උඹේසේකර මහත්මිය සදහන් කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.