saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 8054 hours ago

LATEST

සෑම මිනිත්තු 4කට අයෙකු දැඩි සත්කාරයට යොමුවෙයි

calendar_today 2021 මාර් 19 - 07:35 remove_red_eye - 379  

කොරෝනා වෛරසය වසංගතය සැලකිය යුතු ලෙස යළිත් වේගවත් වන බවත්, එය තුන්වැනි රැල්ලක් බව වඩාත් ප්‍රකටව සහ පැහැදිලි වෙමින් පවතින තත්ත්වයක් බවත් ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් අනතුරු අඟවයි.

ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත්විට රජයට නිහඬව සිටීමට නොහැකිය. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයනට ආහාර පිණිස තෘණ බිම් ඇතිකළ යුතුය. පාරම්පරික ඉඩම් ගොවීනට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ. රජය කිසිවිටෙකත් වනාන්තර කපා දමන්නට අනුබල දී නැත. පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Read More

දැනට වාර්තා වී ඇති මෙම සිදුවීම් ඉතා දුර්ලභ සිදුවීම් යැයි අවධාරණය කළ යුරෝපීය ඖෂධ ඒජන්සිය, එක්සත් රාජධානියේ සහ යුරෝපීය ආර්ථික කලාපයේ පරිපාලනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් මිලියන 20කින් සිද්ධීන් 30කටත් වඩා අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,713,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

ඉබ්බාගමුව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ආවේක්ෂණ රාජකාරී වල නිරත වීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද විශේෂ වර්ග වල සුනඛයන් 12 දෙනෙකු 03/18 දින සිට රාජකාරියේ යොදවා තිබේ.

Read More

තාක්ෂණය මුල් වූ සමාජියක් බිහි කිරිමේ ප්‍රතිපත්ති අනුව නව තාක්ෂණ උද්‍යාන පහක් බිහි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ වෙනුවෙන් දැනටමත් ගාල්ල, මහනුවර, නුවරඑළිය හා කුරුණෑගල දිස්ත්‍රික්ක හඳුනාගෙන තිබේ.

Read More

ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකාවට කොවිඩ් ආසාදනය වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ චෝදනා ලැබු ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා තෙවැනි වරටත් සිංගප්පුරූවට ලේඛණ යෑවු බව පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය සිංගප්පූරූ නීතීපතිවරයා එම ලේඛණ සලකා බලමින් සිටින බව අද දැනුම් දුන්නාය.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ 2021 වසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 18 දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

Read More

විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇ​ත.

Read More

හිටපු අමාත්ය රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රීධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? යන නියෝගය ප‍්‍රකාශයට පත් කරන දිනය ලබන 24 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අභියාචනාධිකරණය ඔහුගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රීධුරය සම්බන්ධයෙන් ලබන 24 වැනිදා තෙක් කිසිඳු පියවරක් නොගන්නා ලෙස පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (18දා) නියම කළේය

Read More

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය නියාමන යාන්ත‍්‍රණයක් සඳහා වන යෝජනාවල දළ සැළැස්මක් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ඊට අනුබද්ධ සංවිධාන ජනමධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙන ලදී.

Read More

නඩු ප්‍රමාදය අවම කර අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සදහා සියලු දෙනාට විශාල වගකීමක් පැවරී ඇති බවත් අධිකරණ ගොඩනැගිලි ඉදි කිරීමේදී එය අවම වශයෙන් ඉදිරි වසර 30 සරිලන පරිදි සැළසුම් කළ යුතු බවත් මේ සියල්ලෙහි අවසානයෙහි ප්‍රතිඵලයන් පොදු ජනතාව වෙත ගලා ගෙන යා යුතු බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසයි .

Read More

මෙම ඉඩම සම්බන්ධව රජයේ වර්තමාන ස්ථාවරය වන්නේ මෙම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමයි. ඊට මෙම අක්කර 07ක් ඉඩම මෙන්ම තවත් අක්කර 1500ක් පමණ බිම් ප්‍රමාණයක් පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. දැනට එම ඉඩම් තුළ පවුල් 135ක් පදිංචිව සිටින බැවින් ඔවුන් කෙරෙහි ද අවධානය යොමු කිරීමට රජයට සිදු වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.කෙසේ වුවද ලබන සතිය වනවිට මෙම සිද්ධිය සම්බන්ධව අවසන් තීරණයකට ඒමට රජය කටයුතු කරනවා

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සොනරත්න මහතාගෙන් හා හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් තිබෙන බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනා අද දිනයේ පී සී ආර් පරීක්ෂණයට ද යොමු කිරීමට නියමිතව තිබේ.

Read More

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (18) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 11 දෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.

Read More

වර්ෂ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී මතකය යළි අවදි කරමින්, එම අවසන් මහා තරගයේ නැවත විකාශයක් සහ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයන් සහභාගීවන සොඳුරු කථාබහක් ඩයලොග් ආසිආටා අනුග්‍රහයෙන් අද (18 වැනිදා) ‘චැනල් අයි’ ඔස්සේ, විකාශය කිරීමට යෙදී තිබේ.

Read More

මේ වන විට මෝල් හිමියන් සහල් සැඟවීමේ කුමන්ත්‍රණයක් සිදුකරන බවත් බාධක පැමිණියත් අලුත් අවුරුද්දට සහල් කිලෝවක් රුපියල් 97 ක මිලකට ජනතාවට ලබ දීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (18දා) පවසා සිටියේය.

Read More

පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 8 දෙනෙක් හදුනාගෙන ඇති අතර ඔවුන් මැණික් ව්‍යාපාරවලට සම්බන්ධ වූවන් බවත් බඩල්කුඹුර ප්‍රදේශයේ මැණික් පතල් ආශ්‍රිතව මෙම පොකුර නිර්මාණය වන්න ඇතැයි විශ්වාස කරන බවත් ඌව පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල් ශාන්ත ගමගෙදර මහතා පැවසීය.

Read More

කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් ආයුධ රැසක් වලදමා ඇතැයි සැක කෙරුණු ස්ථානයක ඊයේ (17) දින කැනීම් කටයුතු සිදු කල බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

Read More

ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජා සාර්ථක විම නිසා දුමිර්ය වර්ජනය අතහැර දැමිමට තිරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,168 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ප්‍රදේශිය සභා මන්ත්‍රිවරුන් සිව්දෙනෙකු සහ ප්‍රාදේශිය සභාවේ පුස්තකාලයේ සේවය කරන පුස්තකාලාධිපතිනියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් තම ප්‍රාදේශිය සභාව මේ මස 28 දින දක්වා වසා දැමිමට උපදෙස් ලබා දුන් බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතා පැවසිය.

Read More

මස්කෙලිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ස්වික් වතු යායේ ක්වින්ස්ලන්ඩ් කොටසේ වතු නිවාස පේලියක (17) දින පස්වරුවේ හටගත් ගින්න විදුලි කාන්දුවිමකින් සිදු වි ඇති බවට ගින්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය සැකකරයි.

Read More

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසියේ ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් උදෑසන කාර්යාල සේවා සඳහා පිටත්ව යෑමට දුම්රිය ස්ථාන වෙත පැමිණි බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව තිබේ.

Read More

රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17දා) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.