මෙසේ අගුලු දැමීමේ සීමාවන් ක්‍රියාත්මක වුවත් පාසල්, අත්‍යවශ්‍ය වෙළෙඳසැල් සහ පොත් සාප්පු විවෘතව පවතින බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමනු ඇති අතර බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් පිටතට ගමන් කිරීම සීමා කරන බවද අවධාරණය කළේය.
පාකිස්තාන ජනාධිපතිවරයා චීනයේ නිෂ්පාදිත සීනොෆාම් එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද ඊයේ (19දා) සීනෝෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව විද ගෙන තිබේ.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ඊයේ දහවල් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ආ මෘත ශරීරය ප්‍රභල අපරාධකරුවෙක් බව කියන කෙසෙල්වත්තේ දිනුකගේද යන්න පිළිබඳව නියත වශයෙන්ම හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණය අවසර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (19දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read Moreඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, 2021 මාර්තු 15 වැනි දින නිකුත් කරන ලද එන්නත් කාණ්ඩ භාවිතය සම්බන්ධයෙන් පූර්වාරක්ෂාව මත එම එන්නත් ලබාදීම අත්හිටුවීම සඳහා හේතු තවදුරටත් නොපවතින බව ඉතාලියේ ඖෂධ නියාමකයා වන AIFA පවසා තිබේ.
Read Moreකොරෝනා වෛරසය වසංගතය සැලකිය යුතු ලෙස යළිත් වේගවත් වන බවත්, එය තුන්වැනි රැල්ලක් බව වඩාත් ප්‍රකටව සහ පැහැදිලි වෙමින් පවතින තත්ත්වයක් බවත් ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් අනතුරු අඟවයි.
Read Moreජනතාවගේ ප්‍රශ්න හඳුනා ගත්විට රජයට නිහඬව සිටීමට නොහැකිය. දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා ගවයනට ආහාර පිණිස තෘණ බිම් ඇතිකළ යුතුය. පාරම්පරික ඉඩම් ගොවීනට අහිමි වී ඇත්නම් ඊට විසඳුමක් දීම පරිසර විනාශයක් නොවේ. රජය කිසිවිටෙකත් වනාන්තර කපා දමන්නට අනුබල දී නැත. පරිසරය නියාමනය කරනවා සේම සංවර්ධනය කිරීම ද අවශ්‍ය බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
Read Moreදැනට වාර්තා වී ඇති මෙම සිදුවීම් ඉතා දුර්ලභ සිදුවීම් යැයි අවධාරණය කළ යුරෝපීය ඖෂධ ඒජන්සිය, එක්සත් රාජධානියේ සහ යුරෝපීය ආර්ථික කලාපයේ පරිපාලනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් මිලියන 20කින් සිද්ධීන් 30කටත් වඩා අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,713,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreඉබ්බාගමුව ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ආවේක්ෂණ රාජකාරී වල නිරත වීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද විශේෂ වර්ග වල සුනඛයන් 12 දෙනෙකු 03/18 දින සිට රාජකාරියේ යොදවා තිබේ.
Read Moreතාක්ෂණය මුල් වූ සමාජියක් බිහි කිරිමේ ප්‍රතිපත්ති අනුව නව තාක්ෂණ උද්‍යාන පහක් බිහි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ වෙනුවෙන් දැනටමත් ගාල්ල, මහනුවර, නුවරඑළිය හා කුරුණෑගල දිස්ත්‍රික්ක හඳුනාගෙන තිබේ.
Read Moreඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකාවට කොවිඩ් ආසාදනය වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreමහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ චෝදනා ලැබු ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා තෙවැනි වරටත් සිංගප්පුරූවට ලේඛණ යෑවු බව පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය සිංගප්පූරූ නීතීපතිවරයා එම ලේඛණ සලකා බලමින් සිටින බව අද දැනුම් දුන්නාය.
Read Moreකලුතර දිස්ත්‍රික්කයේ 2021 වසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීමේ සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 18 දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.
Read Moreවිදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
Read Moreහිටපු අමාත්ය රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රීධුරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? යන නියෝගය ප‍්‍රකාශයට පත් කරන දිනය ලබන 24 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අභියාචනාධිකරණය ඔහුගේ පාර්ලිමෙන්තු මන්ත‍්‍රීධුරය සම්බන්ධයෙන් ලබන 24 වැනිදා තෙක් කිසිඳු පියවරක් නොගන්නා ලෙස පාර්ලිමෙන්තු මහලේකම්වරයාට අද (18දා) නියම කළේය
Read Moreශ‍්‍රී ලංකාවේ මාධ්‍ය නියාමන යාන්ත‍්‍රණයක් සඳහා වන යෝජනාවල දළ සැළැස්මක් ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ඊට අනුබද්ධ සංවිධාන ජනමධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දෙන ලදී.
Read Moreනඩු ප්‍රමාදය අවම කර අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සදහා සියලු දෙනාට විශාල වගකීමක් පැවරී ඇති බවත් අධිකරණ ගොඩනැගිලි ඉදි කිරීමේදී එය අවම වශයෙන් ඉදිරි වසර 30 සරිලන පරිදි සැළසුම් කළ යුතු බවත් මේ සියල්ලෙහි අවසානයෙහි ප්‍රතිඵලයන් පොදු ජනතාව වෙත ගලා ගෙන යා යුතු බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි මහතා පවසයි .
Read Moreමෙම ඉඩම සම්බන්ධව රජයේ වර්තමාන ස්ථාවරය වන්නේ මෙම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමයි. ඊට මෙම අක්කර 07ක් ඉඩම මෙන්ම තවත් අක්කර 1500ක් පමණ බිම් ප්‍රමාණයක් පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. දැනට එම ඉඩම් තුළ පවුල් 135ක් පදිංචිව සිටින බැවින් ඔවුන් කෙරෙහි ද අවධානය යොමු කිරීමට රජයට සිදු වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.කෙසේ වුවද ලබන සතිය වනවිට මෙම සිද්ධිය සම්බන්ධව අවසන් තීරණයකට ඒමට රජය කටයුතු කරනවා
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සොනරත්න මහතාගෙන් හා හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් තිබෙන බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreබැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනා අද දිනයේ පී සී ආර් පරීක්ෂණයට ද යොමු කිරීමට නියමිතව තිබේ.
Read Moreකොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (18) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 11 දෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.
Read Moreවර්ෂ 1996 ලෝක කුසලාන ජයග්‍රාහී මතකය යළි අවදි කරමින්, එම අවසන් මහා තරගයේ නැවත විකාශයක් සහ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සමාජිකයන් සහභාගීවන සොඳුරු කථාබහක් ඩයලොග් ආසිආටා අනුග්‍රහයෙන් අද (18 වැනිදා) ‘චැනල් අයි’ ඔස්සේ, විකාශය කිරීමට යෙදී තිබේ.
Read Moreමේ වන විට මෝල් හිමියන් සහල් සැඟවීමේ කුමන්ත්‍රණයක් සිදුකරන බවත් බාධක පැමිණියත් අලුත් අවුරුද්දට සහල් කිලෝවක් රුපියල් 97 ක මිලකට ජනතාවට ලබ දීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (18දා) පවසා සිටියේය.
Read Moreපස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 8 දෙනෙක් හදුනාගෙන ඇති අතර ඔවුන් මැණික් ව්‍යාපාරවලට සම්බන්ධ වූවන් බවත් බඩල්කුඹුර ප්‍රදේශයේ මැණික් පතල් ආශ්‍රිතව මෙම පොකුර නිර්මාණය වන්න ඇතැයි විශ්වාස කරන බවත් ඌව පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල් ශාන්ත ගමගෙදර මහතා පැවසීය.
Read Moreකිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් ආයුධ රැසක් වලදමා ඇතැයි සැක කෙරුණු ස්ථානයක ඊයේ (17) දින කැනීම් කටයුතු සිදු කල බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.
Read More