saravita-anim2

2026 මාර්තු මස 30 වන සඳුදා

2026 මාර්තු මස 30 වන සඳුදා

Latest News - timelapse 8025 hours ago

LATEST

මැදගමින් හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

calendar_today 2021 මාර් 17 - 16:10 remove_red_eye - 235  

බිබිල-මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩිගමුව ගම්මානයෙන් ඊයේ (16) කොවිඩ් 19 රෝගීන් නවදෙනෙකු හමුවී ඇතැයි මොනරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.

මියන්මාර රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරමින් පිහිටුවා ඇති හමුදා පාලනයට ශ්‍රීලංකා රජය සහය නොදිය යුතු බව පවසමින් මන්නාරමේදී විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

රංජන් රාමනායක රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරිය අසලින් ජංගම දුරකථනයක් හමුවිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි තිබේ.

Read More

බස්නාහිර හරිත පෙනහැල්ල මුතුරාජවෙල වැනසීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ හා අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් (17දා) බෝපිටිය මංසන්ධියේදී පැවැත්විණි.

Read More

අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින රහස් පොලීසියේ හිටපු අධ්‍යක්ෂ ශාන් අබේසේකර ඇතුළු 3 දෙනා මාර්තු 31 දක්වා යළි රිමාන්ඩ් කර තිබෙනවා.

Read More

කළුබෝවිල ආසිරි මාවතේ, ගිනි ගත් මෝටර් රථයක් තුළදී පිළිස්සී මියගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී ඉකුත් (16දා) සිදුකළ අතර එහිදී මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව කොහුවල පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්ය භාරය වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීම සදහා ඒවායේ කටයුතු වඩාත් සංවාදශීලීව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.

Read More

කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරයන් 22 නෙකුට එරෙහිව විනය විරෝධී කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයා විසින් චෝදනා පත්‍ර ලබා දී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක , කළුතර ශ්‍රීල.නි.ප .ආසන සංවිධායක ,සහ ශ්‍රි.ල.නි.ප. මධ්‍යම කාරක සභික සුමිත් ලාල් මැන්ඩිස් මහතා පවසයි .

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1476 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මුදල් විශුද්ධීකරණ පනතට අදාළව ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබූ ETI සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අද (17) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු 03/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය හෝටල් සේවකයකුගේ මරණය සිදුවූයේ කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන්ද යන්න සොයාබැලීම සඳහා සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකළ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය පවසයි.

Read More

රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ ග්‍රෑම් 2ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව 1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (17දා) වසර 25ක් (රිදී ජුබිලිය) සැපිරේ.

Read More

මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.

Read More

යුරෝපා ඖෂධ ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ එමර් කුක් කියා සිටියේ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ඇතිවූයේ යැයි කියන සංකූලතා සිද්ධීන් එකින් එක ඇගයීමට ලක් කරමින් සිටින අතර, ඒ පිළිබඳ වැඩිදුර සමාලෝචනය බ්‍රහස්පතින්දා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

Read More

එඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරු අසනීප තත්ත්වයක් සමග පසුගිය පෙබරවාරි 16දා කිං එඩ්වඩ් රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහුට කොවිඩ්-19 ආශ්‍රිත රෝගාබාධයකට ප්‍රතිකාර නොකෙරුණත්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුරට ප්‍රකට වීමක් නොවීය.

Read More

බ්‍රසීලයේ ප්‍රාන්ත 26න් 14ක් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය රාත්‍රී ඇඳිරි නීතිය යටතේ පවතී. සාමාන්‍යයෙන් මෙම ඇඳරි නීතිය රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වේ. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සීමාව ඉක්මවා පිරී ඇති බැවින් නව රෝගීන්ට සහාය නොදක්වන තත්ත්වයක් උද්ගත වී ඇත.

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (17) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති කතාබහ නිසා මීට පෙර සිදුවීමට නියමිතව තිබූ මෙම එන්නත් වැඩසටහන කල් දැමුණත්, එය යළි ආරම්භ කරමින් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට අගමැතිවරයාද මෙසේ එන්නත විදගෙන තිබේ.

Read More

මේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් දෙවැනි තොගය ඊයේ (16දා) සිම්බාබ්වේ අගනුවර හරාරේහි රොබට් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.

Read More

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ආසියානු කාන්තාවන් බව ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර, ඝාතනවලින් පැය තුනහ මාරකට පමණ පසු චෙරෝකි ෂෙරිෆ් කාර්යාලය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු 21 හැවිරිදි රොබට් ආරොන් ලෝන්ග් ලෙස හඳුනාගෙන ඇත.

Read More

ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පෙරේදා (15දා) ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම අත්හිටුවන බවයි. ඒ අනුව යුරෝපා රාජ්‍යයන් 16ක පමණ සම්පූර්ණ එන්නත් තොගය හෝ එහි තෝරාගත් කාණ්ඩ එන්නත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගමන් කළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී විදේශීය රටක නිශ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ තොගයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,670,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

ඉදිරි සති කිහිපය තුල තවත් මිලියනයකට කොවිඩ් එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්දව තවත් ආසාදිතයන් 120ක් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී පෑළියගොඩ, බන්ධනාගාර හා දිවුලපිටිය කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 274ක් වාර්තා වී තිබේ.

Read More

වත්මන් රජය යටතේ ජනතාව ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු සැකයක් ඇති නොකරගත යුතු බවත් රටේ එල්. ටී.ටී ඊ ත්‍රස්තවාදය තුරන් කර නැවත බෝම්බ පිපිරීම්, ත්‍රස්තවාදී කණ්ඩායම් ,අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් ක්‍රියාත්මක නොවන රටක් නිර්මාණය කර 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුවට මේ රට මගින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බාරදුන් බවත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර තිබුණ අර්බුදය හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව දියාරු වූ බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

Read More

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් රජය රක්ෂණ වියදම් ගෙවමින් “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 16 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.