වවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිලධාරින් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
සිරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් 882ක් අද (31)දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreවර්තමාන ආණ්ඩුවේ නොසැලකිල්ල හේතුවෙන් කොවිඩ් වෛරසය රටතුළ සමාජගත වී තිබෙන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා 31 දින දඹුල්ලේදී පැවසීය.
Read More2021 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව දිවයිනෙහි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරී කොට්ශාස ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි බල ප්‍රදේශයට අයත් තුඩැල්ල පිහිටි මාළු අපනයන සැකසුම් මධ්‍යස්ථානයකින් කොවිඩ් 19 ආසාධිතයන් 88 දෙනකු ජනවාරි 31 දා වනවිට හදුනාගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.
Read Moreඒකල කොටුගොඩ ප්‍රදේශයේ (31 දා) උදෑසන සිදු වු රිය අනතුරකින් වැගන් ආර් රථයක ගමන් ගත් තිදෙනකු එම ස්ථානයේ දීම මරුමුවට පත්ව තිබු බව ජා-ඇල පොලීසිය පවසයි.
Read Moreඉන්දියාව විසින් පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත අද දිනයේදී පොලිස් නිලධාරීන්ට එන්නත් කිරීම ආරම්භ කළේය.
Read Moreනුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.
Read Moreතනි භාවිත සහ කෙටි කාලීන භාවිත ප්ලාස්ටික් තහනම මාර්තු මස 31 වන දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර කර ඇත.
Read Moreස්වයං නිරෝධායනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න සොයාබැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කර තිබේ.
Read Moreවිමල් විරවංශ , උදය ගම්මපිල මහතා ගිය ආණ්ඩු තියෙනකොට මොනවද කිව්වේ අරක විකුණනා මේක විකුණනවා කියලා , දැන් කට වහගෙන ඉන්නවා.
Read Moreකොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා වන ’’ ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ’’ එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් හයකදී සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී ලබා දීම ඊයේ (30) උදෑසන සිදු කෙරිණි.
Read Moreමන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී නීතිවිරෝධීව විදුලි රැහැන් ඇදීමට උත්සහ ගත් දෙදෙනෙකු විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී 29 දා සවස හමු වූ බව මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreරිදීමාලියද්ද , අකිරිය ප්‍රදේශයෙන් අද අලුයම භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.
Read Moreකහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ආසාදිතයින්ගේ පළමු පළමු පෙළ ආශ්‍රිතයින් දෙසිය අසූ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් 26 දා කහතුඩුව පොල භූමියේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයකින් එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු දහ තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්ම රාජ මහතා පැවසීය .
Read Moreමාසයක කාලයක් බලපැවැත්වූ කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාස ග්‍රාමසේවා වසම් 10ක වසම් 7ක් අද සිට හුදකලාවෙන් නිදහස් කරන බවට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි පවසයි.
Read Moreපාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි (Park and Ride City) බස් සේවාව කඩිනමින් මහනුවරට හඳුන්වා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
Read Moreසැමියා නිවසේ නොසිටි අවස්ථාවේ දෙදරුමවක් සිටි නිවසකට පැමිණි බව කියන අනියම් සැමියා හා අනියම් සැමියාට පහරදි තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් නිත්‍යානුකූල සැමියා ඊයේ (30දා) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලීසියය පවසයි.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (30) දින කොවිඩි ආසාදිත රෝගින් 79 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2648 දක්වා ඉහලගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read More2009 දී H1N1 වසංගතය මැඩපැවැත්වීම සඳහා එන්නත් නිපදවමින්, ලෝකයට එම එන්නත්වලට පූර්ණ ප්‍රවේශය ලබාදුන් විට වසංගතය අවසන් වූ අයුරු සිහිපත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, වර්තමානයේ එවැන්නක් දැකිය නොහැකි බව කියයි.
Read Moreමැදපෙරදිග සංචාරක කේන්ද්‍රය ලෙස සැලකෙන ඩුබායි හි කොවිඩ්-19 ආසාදන ඉහළ යෑම පාලනය කිරීමේ පියවරක් ලෙස චීනයේ සීනොෆාම් එන්නත අද (31දා) දිනයේ සිට සාමාන්‍ය ජනතාවට ලබාදීම අරඹන බව ඩුබායි මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.
Read Moreතායිවානයේ දේශීය පොකුරක් ආශ්‍රිතව කොවිඩ්-19 මරණයක් වාර්තා වී ඇති අතර, එය මැයි මාසයේ සිට තායිවානයෙන් ප්‍රථම වරට වාර්තා වන කොරෝනා මරණය බව තායිවානයේ රෝග පාලන මධ්‍යස්ථාන පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 26ක් ඉක්මවා මරණ 440,000කට ආසන්න වනවිට වසංගතය පිටුදැකීමේ අනිවාර්යය මහජන සෞඛ්‍යාරක්ෂක පියවර මෙසේ කරළියට පැමිණෙමින් තිබේ.
Read Moreමුල සිටම දැඩි වසංගත පාලන නිතීරීති සමග බැඳී සිටීම වසංගතය මේ ආකාරයෙන් රට තුළ පාලනය කරගැනීමට වියට්නාමයට හේතු විය. වසංගතය ආරම්භ වූ දා එරටින් සිට වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 1,767ක් සහ මරණ 35ක් පමණි.
Read Moreමෙක්සිකෝ ජනාධිපතිවරයාට පසුගිය සඳුදා කොවිඩ්-19 ආසාදනය වූ බවට පළමු නිල අනාවරණය සිදුවූ අතර, රෝග ලක්ෂණ මෘදු බවත් ඔහු හුදකලාව රාජකාරී කටයුතු කරන බවත් මුලින් සඳහන් විය.
Read More2020 ජනවාරියේ කොවිඩ්-19 හි පළමු ආසාදිතයා වර්තා වීමේ සිට, 2020 නොවැම්බර් 27 වැනි දින දක්වා සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 13ක් කරා ළඟා වීමට එරටට දින 311ක් ගතවුවත්, දෙවැනි මිලියන 13ට ගතවූ දින ගණන ඔබ පුදුම කරවනු ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,216,700ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එන්නත ලබාදුන්නේය.
Read More