saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7426 hours ago

LATEST

කොවිඩ් එන්නත් 32539ක් අද ලබාදෙයි

calendar_today 2021 ජන 30 - 21:16 remove_red_eye - 348  

ඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එන්නත ලබාදුන්නේය.

පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 59000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 442ක් වාර්තාවීමත් සමගිනි.

Read More

යුද හමුදා සාමාජිකයින් 7,500 දෙනෙකුට අද දිනයේ කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබෙනවා.

Read More

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇති සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 406ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 62,851ක් දක්වා ඉහල ගොස් ඇ​ත.

Read More

බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීමෙන් හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරත පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 50කට අධික වටිනා මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී දෙමටගොඩ මහවිල උද්‍යානය අසලදී අද (30) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ’බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි.

Read More

බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් තුන්දෙනෙකු කොවිඩ් අසාදිතයන් බව සිදුකරන ලද

Read More

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වන බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් මහතා පවසයි.

Read More

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයවරයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වු බවට (29) දින තහවුරු වු නිසා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර එම අධිකරණයේ නිතිඥයවරුන් ඇතුළු 37 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.

Read More

මාර්ගෝපදේශ අනුගමනය නොකළ ආයතන පරිපාලකයින් 1,223 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ​ය.

Read More

කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 293 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි යුරෝපා ඖෂධ ඒජන්සිය විසින් බ්‍රිතාන්‍ය-ස්වීඩන් සමාගමක් වන ඇස්ට්‍රාසෙනෙකා විසින් නිපදවන ලද එන්නත සඳහා මෙසේ කොන්දේසි සහිත වෙළෙඳ පොළ අවසරයක් නිර්දේශ කර ඇත.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ එන්නත ලබාගැනීමට හැකිවීම ගැන තමා වාසනාවන්ත වූ අතරම, ඒ ගැන කෘතඥ වන බවයි. එමෙන්ම එන්නත සෑම කෙනෙකුටම සාධාරණ පදනමක් මත ලබාදෙන බවට සහතික වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔහු ඉල්ලා සිටියේය.

Read More

සායනික අත්හදා බැලීම්වලදී නොවාවැක්ස් එන්නත් මාත්‍රාව කොවිඩ්-19 ට එරෙහිව සමස්ත කාර්යක්ෂමතාව 90%ක් මෙන්ම එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් ප්‍රභේදයට එරෙහිව 86%ක ආරක්ෂාවක් සහ දකුණු අප්‍රිකාවේ සොයාගත් ප්‍රභේදයට එරෙහිව 60%ක ආරක්ෂාවක් පෙන්නුම් කර තිබේ.

Read More

කොරෝනා වෛරසයේ මූලාරම්භය සොයා ගැනීමේදී චීනය විවෘත, විනිවිදභාවයෙන් හා වගකිවයුතු ආකල්පයක් අනුගමනය කර ඇති බවත්, අනාගත අවදානම් වළක්වා ගැනීමට සහ ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවත් චීනය පවසයි.

Read More

’’මෙය අප සියලු දෙනා අවදි කිරීමේ ඇමතුමක්’’ ෆවුසි පැවසීය. ’’නව ප්‍රභේදවල පරිණාමය අප දැන් දිගටම දකිනවා. ඒ නිසා ඕනෑම වේලාවක, ඇත්ත වශයෙන්ම පවතින ඕනෑම වෛරසය ප්‍රභේදයකින් ආරක්ෂාව සැලසෙන ආකාරයට එන්නතෙහි අනුවාදයන් සෑදීම පහසුවෙන් සිදුකර ගැනීම සඳහා අප වේගවත් විය යුතුයි.’’

Read More

චීන එන්නත් ගැන විශ්වාසයක් ඇති බව සනාථ කිරීමට, අගමැති වික්ටර් ඕර්බන් කියා සිටියේ තමන්ද එන්නත ලබාගැනීමට සූදානමින් සිටින බවය.

Read More

ජනාධිපති බැරැක් ඔබාමා සහ රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් විසින් 2010 දී අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින් සෑම රටක්ම න්‍යෂ්ටික අවි 1,550කට සීමා කිරීමට හා මිසයිල හා බෝම්බ හෙලන ගුවන් යානා 700 කට සීමා කිරීමට එකඟව තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,204,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගියේය.

Read More

අද (29) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 465ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 62,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ලබන සඳුදා (01) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (28) බ්‍රහස්පතින්දා දුරකථනය මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 05ක නායකයන්ට ඇරයුම් කර තිබිණි

Read More

එන්නත් කිරීමේ වැඩසටහන හෙට දිනයේදී රට පුරා දියත් කිරීමට නියමිතව තිබේ.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 394ක් හඳුනාගෙන ඇත. ඒ අනුව වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 61,980ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් මර්දන ක්‍රියාවලියට සම්බන්ධ නාවික හමුදා සමාජිකයින්ට “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම වැලිසර නාවික රෝහලේදී අද (29) සිදුවිය.

Read More

අවිස්සාවේල්ල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර පහරදීමට උත්සාහ කළ තිදෙනාගෙන් එක් අයෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි

Read More

තවත් ආසාදිතයින් 963ක් පුර්ණ සුවය ලබා පිටව ​ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 55,398ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් දෙවැනි චුදිතයා ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තාට එරෙහිව විභාගවන නඩුව මැයි මස 07 වැනිදින දක්වා දක්වා කල්තැබිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.