saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7366 hours ago

LATEST

රථ වාහන ආනයන සීමා දැන්මම ඉවත් නොවේවි

calendar_today 2021 පෙබ 13 - 06:30 remove_red_eye - 838  

රථ වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි ගෙවුම් ශේෂය හැඩගැසී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

මේ සමගම චීනයේ කොවිඩ්-19 එන්නත භාවිත කළ යුරෝපා සංගමයට අයත් ප්‍රථම රට හංගේරියාව වනු ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 108,148,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 384ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කුසල් මෙන්ඩිස් (පුද්ගලික කාරණාවක්), ළහිරු තිරිමාන්න (කොරෝනා ආසාදිත), ධනංජයද සිල්වා (ආබාධයකින් අනතුරුව සුවය ලබමින්), අවිශ්ක ප්‍රනාන්දු (ආබාධ) යන ක්‍රීඩකයන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 408 දෙනෙකු අද (12) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 72ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (12) පෙරවරු 6.00 වන විට 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 528 දෙනෙකු අද හඳුනාගෙන ඇත.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 773 දෙනෙකු අද (12) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

දිවයිනේ සියලුම පිරිවෙන් සහ බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතු පෙබරවාරි මස 15 වන සඳුදා දින ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රුපියල් කෝටි 5200 කට ආසන්න බැඳුම්කර වංචා කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.

Read More

බදුල්ල දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර සියයක් පිරෙන 2021 මෙම වසරේදි සංස්කෘතික අමාත්‍යාංශය සමග එක්ව පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පැවසීය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් එක්ව වසරක් පාසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ‘මහත්මාගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහනේ’ 12 වැනි ශිෂ්‍යත්ව ප්‍රදාන උළෙල අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

Read More

මෙම බලාගාරය මගින් දෛනිකව කසල ටොන් 700 ක් යොදා ගනිමින් මෙගාවොට් 10 ක් නිපදවීමට සැලසුම් කර ඇති අතර ප්‍රදේශයේ ඉවතලන කසල එක්රැස් කර එමගින් මෙම බලාගාරය ක්‍රියාත්මක කෙරේ.

Read More

තේ වතු ආශ්‍රිතව වතු කම්කරුවන් පදිංචි වතු නිවාස ගිනි ගැනිම් පාලනය කිරිම සදහා වු විශේෂ සාකච්ඡාවක් නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාගේ සහ නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් (12) දින නොර්වුඩ් ප්‍රාදේශිය සභා රැස්විම් ශාලාවේදි පැවැත්විණ.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ජාතික වෘක්කවේද රෝහලේ වැඩ අවසන් කර තිබේ. මෙය නොබෝ දිනකින් ශ්‍රී ලංකා රජයට පැවැරීමට කටයුතු සලසා ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව අප්‍රේල් මස පළමු වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියමකර තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩොල්සිම ප්‍රදේශයේ ඇතිව තිබෙන්නේ රිච්ටර් මාපකයේ 1.5 ක අගයක් සහිත භූ කම්පනයක් බවත් ඒ පිළිබඳ අනිතයත බියක් ජනතාව ඇතිකර නොගත යුතු බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේය.

Read More

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිව ඇත.

Read More

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගිය සතිඅන්ත පුවත් පතකට කල ප්‍රකාශයක් පිලිබඳව මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුල උණුසුම් කථාබහක් නිර්මාණය වී තිබේ.

Read More

හෙරොයින් මත්කුඩු ග්‍රැම් 382ක් ළග තබා ගැනිම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පි.එස් නිස්සංක මහතා මරණිය දණ්ඩනය නියම කළේය.

Read More

උඩප්පුව මහජන සෞඛ්‍ය පරික්ෂක කොටිඨාසය තුල 12 දින වන විට කොරෝනා ආසාදිතයින් 57ක් දක්වා ඉහල ගොස් ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ස්ථාපිත කළ ලංකා සී ෆුඩ්ස් නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් ඊයේ 2021.02.11 දින විවෘත විය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අංශය හදුනා ගන්නා රෝගීන් හය දහසක් පමණ, වසංගත අංශයට හදුනා ගැනීමට නොහැකිව තිබෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථාන ආවරණය වන පරිදි ඉදිරි මාස තුනක කාලය තුල තරුණ තරුණයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බඳවාගැනීමේ ක්‍රියාවලිය මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී.

Read More

’’නමුත් මතක තබා ගන්න, අප මීට පෙරත් මෙවැනිම සුබවාදී තත්ත්වයක් අත්විඳ තිබෙනවා. ඒ නිසා දැන්ම පියවර ලිහිල් කිරීමට හෝ අපෙන් කිසිවෙකුවත් අපගේ ආරක්‍ෂාව අත්හැරීමට මෙය කාලය නොවෙයි.’’ WHO අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Read More

ඝාතනය කර යතුරුපැදියක තබා ගැටගසා හොරණ මීවනපලාන පුහුවල මාවක් ඔයට දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (11) හමුවූ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි

Read More

ඉහල කොත්මලා ජලාශයට පැන පාසල් සිසුවියක් අද (12) සියදිවි හානිකර ගෙන ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

Read More

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ආණ්ඩුව සමග ඇති ඩීල් එකක් ඇති බවට සමාජ මාධ්‍යයේ විශාල කතාබහක් මතුව තිබේ. ඒ සම්බන්ධව හා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එතුමාණන් සමග කළ සංවාද සටහනකි මේ.

Read More

ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම සුළු භූ චලනයක් වාර්තා වූ බව භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.