saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7373 hours ago

LATEST

මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ ව්‍යාපෘතියක්

calendar_today 2021 පෙබ 11 - 15:47 remove_red_eye - 308  

උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ඉල්ලා ඉරණතිවු මුහුදු කූඩැල්ලන් වගා කරුවන්ගේ සංගමයෙන් පිරිසක් 2021.02.09 දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ යාපනයේ පිහිටි සම්බන්ධීකරණ කාර්යයාලයේදි හමු වී සාකච්ඡා කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රිගේ ප්‍රධානත්වයෙන් සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම සඳහා වන වැඩපිළිවෙල අධිකරණ අමාත්‍යාංශය, අධිකරණසේවා කොමිෂන්සභාව, තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව ආරම්භ කරන ලදී.

Read More

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර රාජකාරී කටයුතුවලින් ඉවත්කර සිටි පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් යළි එම කටයුතුවලට අනුයුක්ත කර තිබේ.

Read More

වාර්තාවෙන් පස්සේ රජය මොනවද කරන්නේ කියලා බලන්න ඕන. එහෙම නොවුණොත් අපි ජාත්‍යන්තර සංවිධාන තිබෙනවා පිටරටවල. ඒ සංවිධානවල සහාය අපි බලාපොරොත්තුවෙනවා අපිට සාධාරණයක් ඉටුකර ගන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරලද නැත්ද කියලා මට සෑහීමට පත්වෙන්න බෑ. එක කරුණක් සම්බන්ධයෙන් මම යම්කිසි විකල්ප වැඩසටහනකට යොමුවෙලා තිබෙනවා. ඒක ඔබට දැනගන්න ලැබේවි. මම ඒක අධිකරණය හරහා සිදු කරන්නේ

Read More

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (10දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

අලව්ව නගරයේ සති පොළේ වෙළෙදුන්ගේ හා කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයන්ගේ පසුගිය (09දා) සිදු කළ PCR පරීක්ෂණ වල වාර්තාව අද (11දා) ලැබී ඇති අතර අතර පුද්ගලයින් 27 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදිත වී ඇති බවට තහවුර වී තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගියේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ම සමග සභා ගර්භය වෙත පිවිසි ජනාධිපති පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් මන්ත්‍රීවරුන්ගේ දේශනවලට සවන් දුන්නේය.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 රෝගීන් වැඩි වශයෙන් හමුවූ මහියංගණය හා රිදීමාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට ( ගැමුණුපුර) ඇගලුම් කම්හල් වල තත්වය මේ වන විට පාලනය කර ඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා ගෙන් කළ විමසුමකදී පැවසීය .

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස 4ක කාලයක් තාවකාලිකව නවතා තිබූ ලෝක මදුරු වැඩසටහනේ ක්ෂේත්‍ර කටයුතු 2021 වසරේ පෙබරවාරි මස සිට නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාදුක්ක තුන්නාන ගම්මැද්ද නිවෙසකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ඇඳක නිදා සිටි පුද්ගලයකු ඊයේ 10 රාත්‍රී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි

Read More

මෙරට ප්‍රවාහන මාධ්‍ය අතරින් දුම්රිය සේවාවට තිබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. නමුත් පවතින ගැටලු නිසා දුම්රිය සේවාවේ විවිධ ගැටලුකාරී ස්වභාවයන් ඇතිවී තිබේ. මෙම ගැටලු පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ සංගම් අදාළ බලධාරීන් වෙත විටින් විට වාචිකව හා ලිඛිතව දැනුම්දීම් සිදුකර තිබේ. නමුත් එම ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන්නට අදාළ අංශ අපොහොසත් වී ඇතැයි එම සංගම් චෝදනා කර සිටියි.

Read More

2017 මැයි මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

චීනය විසින් කාම්බෝජයට ලබාදුන් එන්නත් මාත්‍රාව 600,000ක පළමු කාණ්ඩය පෙබරවාරි 7දා පැමිණියේය. කාම්බෝජයේ රජයේ සැලැස්ම යටතේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදා නිලධාරීන්, ගුරුවරුන් සහ කුලී රථ රියදුරන් වැනි අධි අවදානම් කණ්ඩායම්වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ.

Read More

ආදරවන්තයින්ගේ දිනයට සමගාවීමි විවිධ අයුරින් නීති විරෝධී සාද පවත්වන්නේ නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කරන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා පැවැසීය.

Read More

විවෘත, විනිවිද පෙනෙන හා විද්‍යාත්මක ආකල්පයක් පවත්වා ගෙන යන ලෙසත්, එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය සම්බන්ධ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයන්ට ආරාධනා කරන ලෙසත් චීන විදේශ අමාත්‍යංශය බදාදා වොෂිංටනයෙන් ඉල්ලීමක් කළේය.

Read More

පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ (10) දිනය දක්වා ගතවු කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.

Read More

වසංගතය ආරම්භයේ සිට රුසියාවේ ඇති වූ කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව 4,012,710ක් බව එරට සෞඛ්‍ය අංශ ගෙනෙන දත්ත පෙන්වා දෙයි.

Read More

මේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නත් කාණ්ඩයක් ඊයේ සමකාසන්න ගිනියාවේ අගනුවර වන මැලබෝ වෙත පැමිණ තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පලායාමේදී පිටත රාජකාරී සදහා යොදවා සිටි බන්ධනාගාර නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණයක් වැනි වෛද්‍ය පටිපාටික මුඛ මුහුණකට ඉහළින් රෙදි මුඛ ආවරණයක්ද දැමීමෙන් වෛරසය බෝවන අංශු 92.5% ක්ම කාන්දු වීමෙන් වළක්වා ගත හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබේ.

Read More

චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසන්නේ අභ්‍යවකාශ යානය මැයි හෝ ජුනි මාසවලදී අඟහරු පෘෂ්ඨය වෙත ගොඩබස්සවීමට අපේක්ෂා කරන බවය.

Read More

’’වයස අවුරුදු 18 සහ ඊට වැඩි ඉහළ වයස් සීමාවන්ටද එන්නත අප නිර්දේශ කරනු ලබනවා. ඒ කියන්නේ වයස අවුරුදු 65ට වැඩි අයට එන්නත ලබා දිය යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ පිළිබඳ ක්‍රමෝපායික උපදේශක කණ්ඩායමේ සභාපති වෛද්‍ය ඇලෙජැන්ඩ්‍රෝ ක්‍රාවියෝටෝ පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 107,297,000ක් පසුකර ඇති පසුබිමක, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය සති දෙක තුන තුළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ අඩු වීමක් පවතී.

Read More

පෑලියගොඩ, දිවුලිපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 68155ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී එම පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 955ක් වාර්තා වීමත් සමගිනි.

Read More

අද (10) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

ඇමෙරිකාවේ සිට කූරියර් පාර්සල් 05 ක් තුළ සගවා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා ග්රැම් 1,150 ක ප්‍රමාණයක් අද (10දා) ගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව ’’ කළම්බු කාර්ගෝ ’’ ගබඩා සංකීර්ණයේ දී අත් අඩංගුවට ගැනීමට සමත් වු බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.

Read More

කොවිඩ් දේහයන් භුමිදානයට අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

ගම්පහ පොදු වෙළඳ පොළෙහි අද (10) සවස වන විට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය.

Read More

කොවිඩ් ආසාදිතයින් තවත් 539 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.