saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7809 hours ago

LATEST

කොළඹ ස්ථාන පහකදී සිනෝෆාම් එන්නත් දෙයි

calendar_today 2021 මැයි 10 - 12:52 remove_red_eye - 840  

ඒ අනුව කොම්පඤ්ඤවීදිය නගර සභා බෙහෙත් ශාලාව, වැල්ලවත්ත වෙළඳසංකීර්ණය, නව බසාර් මාතෘ නිවාසය, මුගලන් පාර සිතුමිණ ප්‍රජා මධයස්ථානය, ඛෙත්තාරම විහාරස්ථානය යන ස්ථාවලදී සිනොෆාම් එන්නත ලබාදීමට නියමිතය.

මොනරාගල පොලිස් අධිකාරී කාර්යාලයේ සිවිල් රාජකාරි කටයුතු වල නිරත වන නිලධාරීන් 11 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇතැයි පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ආයතන, කර්මාන්ත ශාලා හෝ කාර්යාලවල සේවය කරන පිරිස් එකට එකතු වී ආහාර පාන නොගන්නා ලෙස පොලිස් මුලස්ථානය සියලුම සේවක සේවිකාවන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ෆයිසර් එන්නත සඳහා ලොව පුරා රටවල් 19කින් ලබාගත් විවිධ ද්‍රව්‍ය හා සංරචක 280ක් අවශ්‍ය බව බෝර්ලා පැවසීය. පේටන්ට් බලපත්‍රයක් නොමැතිව එන්නත් නිෂ්පාදනය කිරීමේදී ෆයිසර්ට වඩා අඩු පළපුරුද්දක් ඇති ආයතන එකම අමුද්‍රව්‍ය සඳහා තරග කිරීමට පටන් ගන්නා බවට ඔහු තර්ක කළේය.

Read More

ඉකුත් අප්‍රේල් 17 දින සිට (09) දින වන විට පොලොන්නරුවේ කොවිඩ් මරණ 10ක් සහ හමුවු ආසාදිත රෝගින් සංඛ්‍යාව 536 දක්වා ඉහළ ගොස් ඇති අතර වැඩිම අසාදිතයින් හමු වි ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයෙන් බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

පෑලියගොඩ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වු පොලිස් පරීක්ෂක චමින්ද ජූඩ් තිසේරා (52) මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.

Read More

හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායේ සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වි තවත් අසාදිතයන් 18 දෙනෙකු අද දින හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More

කෙළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 755කි. සමස්ත කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාවෙන් සියයට 50කට ආසන්න සංඛ්‍යාවක් පිළියන්දළින් හා කැස්බෑවෙන් වාර්තාවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම වේගවත් වීමත් සමගින් ඔවුන්ගේ භාවිතය සඳහා අවශ්‍ය ඔක්සිජන් හා වෙන්ටිලේටර්ස් යන්ත්‍ර චීනයෙන් ප්‍රදානයක් ලෙස ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

Read More

කොවිඩ් -19 එරෙහිව චීනය විසින් හදුන්වාදුන් සීනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවේදි නිශ්පාදනය කිරීම සදහා චීන සමාගම සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර මේ වනවිට සාකච්ඡා අරම්භ වී ඇති බව වාර්තාවේ

Read More

ශ්‍රී ලංකාවේ වාර්තා වූ ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 755කි. ඉන් අනතුරව ගම්පහ (323), කළුතර(234) ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබේ. සෙසු ආසාදිතයන් 1347 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 499 දෙනෙකු හමුව ඇති බවත් මින් 68 දෙනෙකු වන වැඩිම පිරිසක් මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය විධිමත් ලෙස පාලනය කිරීමේ කටයුතු සඳහා මජහන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඌව පළාත් හා බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බළධාරින්ගේ නිසි සහයෝගයක් නොලැබෙන බවට චොද්නා කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද (10) ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනය කර සිටින බව බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ඩී.එම්.ඒ.ආර්. දිසානායක මහතා පැවසීය .

Read More

අද (10) දිනය තුළ දිස්ත්‍රික්ක කිහිපයකට තැනින් තැන මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ලාඕසය අපේ‍්‍රල් 14දා අලුත් අවුරුදු නිවාඩුවේ සිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් අත්විඳිමින් සිටින බව කියයි. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව සෙනසුරාදා වනවිට රට තුළ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 1,233ක් පමණි. ඉන් 1,184ක් පසුගිය මාසයේ වාර්තා වී තිබේ. ඉන් 28ක් සෙනසුරාදා වාර්තා විය.

Read More

දිස්ත්‍රික්ක පහකට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. මීට අමතරව දිස්ත්‍රික්ක පහකට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදෙකලා බව ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගිනි.

Read More

ප්‍රංශ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් WHO ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් අනතුරු ඇඟවමින් කියා සිටියේ, මේ වනවිට ඉන්දියාවේ අප දකින වසංගත රෝග ලක්ෂණවලින් පෙන්නුම් කරන්නේ, එය අතිශය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයක් බවයි.

Read More

ලබන සතිය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකෙරෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 927ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ගැබිනි මව්වරුන් රජ්‍ය සේවයට නොකැඳවීමට අදාළ චක්‍රලේඛය හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

එක් වරක දී නිවේදනය කළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා කර ති​බේ. ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,732ක් වාර්තා වී ඇත. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 124,966ක් දක්වා ඉහල ගොස් ති​​බේ.

Read More

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීනි සාවිත්‍රි ගුණසේකර මහත්මිය අද (09දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි මාතාවක අද (09දා) සවස මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

බස් රථ සේවකයන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා නොදීම හේතුවෙන් එළඹෙන සතියේ දී බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරයි

Read More

පිලියන්දළ පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන්ගෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී පුද්ගලයන් 101කුට වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

Read More

අද (09) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,365ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් අද (09දා) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි 09 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව මස්කෙලිය සෞඛය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය විමත් සමඟ පසුගිය 4 වනදා සභා වාරයට පැමිණි කැස්බෑව නගර සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 33 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරිමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.