කොරෝනා සාර්ථකව පාලනය කර තිබෙනවා
රටක් ලෙස සාර්ථකව කොවිඩ් වසංගතය පාලනය කර ඇති බවත් එන්නත්කරණය අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදිය හැකි බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට මේ රටේ ජනතාවත් රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ව කටයුතු කළ යුතු බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (23) දින පැවසීය.
සංචරණ සීමා හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින ජනතාවගේ සුව දුක් සොයා බැලීමට නිරීක්ෂණ චාරිකා කිහිපයක නිරත වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වනාතමුල්ල නිවාස සංකීර්ණයේ දී මෙම අදහස් පළ කළේය.
මුවදොර උයන ග්‍රෑන්පාස් නිවාස සංකීර්ණය, මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණය, මෝදර සත්හිරු සෙවණ නිවාස සංකීර්ණය, මාළිගාවත්ත සත්සෙත සෙවණ නිවාස සංකීර්ණය සහ බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ මෙලෙස අමාත්‍යතුමා නිරීක්ෂණ චාරිකාවල නිරත වූයේය.
“සංචරණ සීමා තුළදී නිවෙස්වල රැඳීසිටින ජනතාව මුහුණ පාන ගැටලු සහ ඒ සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට නම් අපි ඒ ජනතාව සමඟ කතාබහ කළ යුතුයි. ඔවුන් සමඟ සම්බන්ධවී පවතින තත්ත්වය පිළීබඳ ඔවුන් දැනුවත් කිරීමත් කළ යුතු වෙනවා.
කොරෝනා වසංගතය ලෝකයම මුහුණදෙන වසංගත තත්ත්වයක් මිස අපේ රටට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි. කුඩා ආර්ථීකයක් තිබෙන රටවල් සමඟ එක්ව මෙම වසංගතය පාලනය කිරීමට එක්වන්නැයි ආසියාතික රටවලට සහ ලෝක බලවතුන්ට ජනාධිපතිතුමා පසුගියදා ආරාධනා කරනු ලැබුවා.
රටක් ලෙස අපි ඉතාමත් සාර්ථකව මෙම කොරෝනා තත්ත්වය පාලනය කර තිබෙනවා. කොරෝනා යුද්ධය පාලනය කිරීම හා ආර්ථීක යුද්ධය ජයග්‍රහණය කිරීම සම්බන්ධව රටක් ලෙස අපි පැහැදිලි ස්ථාවරයක සිටිනවා.
කොවිඩ් -19 එන්නත්කරණය අතින් ද ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස අපේ රට හඳුන්වාදිය හැකියි”
popular news
-
Sri Lankikaya Monday, 24 May 2021 03:06 PM
MEYAAGE MOLAY MECHCHARA KACHAL KIYALA HITHUWE NEHA. LANKAAWATA DEVIYANGEMA PIHITAI ME WAGAY ANAAGATHA POLITICCOTH EKKE.
Reply : 2 0
janahitha Monday, 24 May 2021 03:08 PM
mole kachal anga surathal
Reply : 0 0
Asintha Monday, 24 May 2021 03:24 PM
සිංහලෙන් ඔය වගේ කියවනකොට කියන්නේ "අමු" කැවිලා කියල.
Reply : 0 0
rocky Monday, 24 May 2021 05:38 PM
ovu ovu, mahaththayo. bohoma ihalin wade kerena bawa penawa. e wagema thamayi dan me ratath paalanaya wenne ..hee..hee..hee!!!Saarthakawa kelawenawa!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

