ශ්‍රී ලංකාව තවත් පහළට
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පරාජයත් සමඟ අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පහළ ස්ථානයකම රැඳී සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
ඒ අනුව රටවල් 13ක් සහභාගි වන මෙම සුපර් ලීග ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 12 වැනි ස්ථානයේ වන අතර, ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ මෙන්ම අයර්ලත්තයද ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක රැඳී සිටීම සුවිශේෂී වෙයි. තවමත් මෙම ලීගය යටතේ කිසිඳු එකඳු තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති නිසා නෙදර්ලන්තය පමණක් ශ්‍රී ලංකාවට පසුපසින් එනම්, 13 වැනි ස්ථානයේ රැඳී සිටියි.
සුපර් ලීගය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව, බ.ඉ. කොදෙව්වන් සමගින් එක්දින තරග 03කට ක්‍රීඩාකළ අතර, එම තරග සියල්ලේම පරාජය භාරගැනීමට සිදුවිය. ඒ අනුව මේ දක්වා ක්‍රීඩා කළ තරග 04ම පරාජය වී සිටින ශ්‍රී ලංකාවට සෘණ ප්‍රසාද ලකුණු 02ක්ද හිමිව ඇත.
මේ අතර ශ්‍රී ලංකාව පරාජය කිරීමත් සමඟ බංග්ලාදේශ කණ්ඩායමට සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවිය. ඔවුන් සුපර් ලීගය යටතේ සහභාගි වූ තරග 07න් තරග 04ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 40ක් ලබා සිටියි. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව තවත් එක් තරගයක් හෝ ජයගතහොත් ඔවුන්ට එංගලන්තය, පාකිස්තානය මෙන්ම ඔස්ට්‍රේලියාවද අභිබවා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්පත් කරගැනීමටද අවස්ථාව උදාවෙයි.
අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහන
|
කණ්ඩායම |
තරග |
ජය |
පරාජ |
ප්‍රසාද ලකුණු |
|
1 එංගලන්තය |
9 |
4 |
5 |
40 |
|
2 පාකිස්තානය |
6 |
4 |
2 |
40 |
|
3 ඔස්ට්‍රේලියාව |
6 |
4 |
2 |
40 |
|
4 බංග්ලාදේශය |
7 |
4 |
3 |
40 |
|
5 නවසීලන්තය |
3 |
3 |
0 |
30 |
|
6 ඇෆ්ගනිස්තානය |
3 |
3 |
0 |
30 |
|
7 බ.ඉ. කොදෙව් |
6 |
3 |
3 |
30 |
|
8 ඉන්දියාව |
6 |
3 |
3 |
29 |
|
9 සිම්බාබ්වේ |
3 |
1 |
2 |
10 |
|
10 අයර්ලන්තය |
6 |
1 |
5 |
10 |
|
11 දකුණු අප්‍රිකාව |
3 |
1 |
2 |
09 |
|
12 ශ්‍රී ලංකාව |
4 |
0 |
4 |
-2 |
|
නෙදර්ලන්තය |
- |
- |
- |
- |
popular news
-
Samson de silva Tuesday, 25 May 2021 07:59 AM
Habayi, idiri tharanga dekedith apey ewun ambaanaka kanawaa. Ekata hethuwa, bari welaawath apey ewun Bangladesh paraajaya kaloth, Bangladeshaya ara denawaa kiyapu dollar million 200ka naya denne naha. Eka naya deeme eka kondesiyak! C'mon Bangladesh TIGERS! That's OK. LION is no longer with us. The LION was chased away by the DRAGON.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

