saravita-anim2

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 7775 hours ago

LATEST

කොවිඩ් එන්නත්කරණයට ඩිජිටල් හැඳුනුම්පතක්

calendar_today 2021 මැයි 11 - 15:02 remove_red_eye - 1743  

සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵල අනුව කොවිඩ් එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ නව තාක්ෂණයෙන් යුතු ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ගැබිනි කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමට ද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එහිදී ඔවුන්ට එන්නත් ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නියෝජිතයන් එහිදී පෙන්වා දී තිබේ.

Read More

විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

Read More

මොරටුව අලුත් ගාලුපාර පදික වේදිකාවේ වයස අවුරුදු පනහක පමන වන පුද්ගලයෙක්(11) වැටී සිටින බවට සුවිසැරිය ගිලන්රථ සේවයට ප්‍රදේශවාසීන් විසින් සිදු කරනු ලැබූ දැනුම්දීමට අනුව එහි කාර්ය මණ්ඩලය එම වැටී සිටි පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇතැයි පවසයි.

Read More

(FULL LIST) දෙවන ඒකාබද්ධ ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 900ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා එම බැංකුව අතර එකඟතාවකට පැමිණ තිබේ.

Read More

එම සැලැස්ම යටතේ හඳුනාගනු ලබන ජාතික රක්ෂිතයන් ලෙස සංරක්ෂණය කළ යුතු ප්‍ර දේශ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Read More

කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හුදකලා කර ඇති ශා/කුම්බස් වතුයායේ හා තලවාකැලේ තේ පරික්ෂණාගාරයේ (ටි. ආර්. අයි.) සමහර පිරිස් හොර රහසේ එම ප්‍රදේශවලින් බැහැරව යාමත් සමග එම ප්‍රදේශවල කොවිඩ් වසංගතය පැතිරයාමේ දැඩි අවදානයක් පවතින බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

චීනයේ සිනෝෆාම් එන්නත ලොව පුරා හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවට ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ (10දා) කළ ප්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට සමගාවීම දුම්රිය ධාවනයද පළාත් අතර පමණක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

මේ වන විට කොරෝනා රෝගීන් සඳහා අතරමැදි රෝහලක් ලෙස පරිහරණය කරන බණ්ඩාරගම දිසා රෝහල තවදුරටත් පුළුල් කිරීමට කටයුතු සම්පාදනය කළ ද ප්‍රමාණවත් ලෙස ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම අදහස අත්හැරිය බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය

Read More

පළාත් අතර සංචරණය සීමා කිරීමට ඊයේ තීරණය කල අතර ඒ හේතුවෙන් සියලු අන්තර් පළාත් බස් ගමන් වාර ඊයේ මැදියම් රැයේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

Read More

නිදි යහනේ දී මියගිය තිදරු පියාගේ මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාවෙන් ඇතිවු සංකුලතාබව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

Read More

පානදුර පොදු වෙළද පොලේ තිබී අද (11) උදැසන පුද්ගල මළසිරුරක් හමුව ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි .

Read More

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Read More

ප්‍රාදේශීය පොලීසිය අවමංගල්‍යයට සහභාගි වූ ’නාඳුනන පුද්ගලයන්ට’ එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති අතර, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබියදීත් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. එහිදී අවමංගල්‍යයට සිය දහස් ගණනක් පැමිණ තිබුණද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබීමද පුදුමසහගතය. වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් මෙවැනි සිදුවීම් අර්ථ දක්වන්නේ, තමාගේත්, සෙසු ප්‍රජාවගේත් වළ සියැසින්ම කපා ගැනීමක් ලෙසිනි.

Read More

වසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස ගිලන්රථ විස්සක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් ‍ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (10දා) පැවසීය.

Read More

අවශ්‍යවුවහොත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට කටයුතු කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

පුඩළුඔය පොලිස් වසමට අයත් කොත්මලේ නියංගංදොර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු නිසා එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රීයේ වැසි ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Read More

චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් පළමු මාත්‍රාව මේ වන විට 23575කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒ්කකය පවසයි.

Read More

ආසියාවේ තුන්වැනි විශාලතම ආර්ථිකය මෙම විනාශකාරී ආසාදන රැල්ල පාලනය කිරීම සඳහා සති ගණනාවක් තිස්සේ අරගල කරමින් සිටියි. සෑම දිනකම ලක්ෂ සංඛ්‍යාත නව ආසාදිතයන් වාර්තා වන අතර, ආර්ථික විද්‍යාඥයන් මේ වසරේ ද්වි-ඉලක්කම් වර්ධනය සඳහා ඔවුන්ගේ පුරෝකථනයන් ගැන නැවත සිතා බලමින් සිටියි.

Read More

වත්තෙගම ප්‍ර දේශයේ මාස තුනක් වයසැති බිළිඳියක කොවිඩ් නිසා මහනුවර ජාතික රෝහලේදී මිය ගොස් ඇතැයි රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් රෝගීන් වාර්තාවීම මත අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 26ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 827ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ඒ අනුව දින දෙකක් තුළ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 5000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා කොවැක්ස් වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබා දෙන බව චීනය නිවේදනය කර ඇති අතර, මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යන බවද කියයි.

Read More

රටපුරා ලොක්ඩවුන් සීමා යටතේ අන්තර් රාජ්‍ය හා අන්තර් දිස්ත්‍රික් සංචරණ සමග සියලුම සමාජ රැස්වීම් තහනම් කෙරේ. අවන්හල්වල ආහාර ගැනීමට ඉඩ නොදෙන අතර, රැගෙන යාමට පමණක් අවසර ඇත. අගුලු දැමීමේදී මංගල උත්සව හෝ සමාජ ක්‍රියාකාරකම් සඳහා අවසර නැත. අධ්‍යාපන ආයතනද වසා ඇත.

Read More

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 3ක් ලබාගැනීම සඳහා චීන බලධාරීන් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

Read More

මැයි 30 දා තෙක් පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.