එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ඕනෑ - චීනය
සංවර්ධනය වෙමින් පවතින රටවල කොවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබාදීම අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චුනින්ග් පැවසීය.
සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි භාවිතය සඳහා කොවැක්ස් වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබා දෙන බව චීනය නිවේදනය කර ඇති අතර, මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සමීප සන්නිවේදනයක් පවත්වා ගෙන යන බව හුවා මාධ්‍ය හමුවකදී පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සිකුරාදා චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නතට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නේය.



-
lihini gunawatdhana Tuesday, 11 May 2021 04:14 PM
etta ne kiyannae daena ganna epya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

