සිනෝෆාම් අනුමැතිය දුන්නේ ජනපති හා සාකච්ඡාව අනුව නෙමෙයි- WHO
චීනයේ සිනෝෆාම් එන්නත ලොව පුරා හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවට ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ඊයේ (10දා) කළ ප්‍රකාශය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.
කිංස්ලි රත්නායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව ඩේලි මිරර් වෙබ් අඩවිය (http://www.dailymirror.lk/top_story/WHO-denies-claims-GR-influenced-decision-on-Sinopharm/155-211745) ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමසීමක් කර ඇති අතර එයට පිළිතුරු දෙමින් එම සංවිධානය මේ බව ප්‍රකාශ කර තිබේ.
එන්නත් සංවර්ධකයා විසින් යම් එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හදිසි භාවිතය සඳහා අනුමත කර ගැනීම වෙනුවෙන් ලබාදෙන දත්තවල ගුණාත්මක භාවය ඒවා සඳහා ප්රවේශවීම ඇතුළු කරුණු අනුව එන්නතක් හදිසි භාවිතය සඳහා අනුමත කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ බවත් එම ක්‍රියාවලියට මාස දෙක තුනක කාලයක් ගතවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.
“ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOm තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.” යැයි ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය ප්‍රකාශයන් සඳහන් කළේය.
යම්කිසි රටක ජාතික ප්‍රතිපත්ති, ව්‍යවස්ථා අනුව එම රටවලට යම්කිසි එන්නත් සිය රට තුළ හදිසි භාවිතය සඳහා අනුමත කිරීමට අවස්ථාව ඇති බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඩේලි මිරර් වෙබ් අඩවියට සඳහන් කර තිබේ.
popular news
-
mahinda Tuesday, 11 May 2021 12:45 PM
කොහෙන්ද අපි හිනා වෙන්න ඕන.
Reply : 0 0
Demuni Uduwara Tuesday, 11 May 2021 03:17 PM
Withdraw what he said.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

